දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමැති ධූරයෙන් ඉවත් වූ දයාසිරි තවමත් ඇමැති නිල නිවසේ
Homeප්‍රවෘත්ති

ඇමැති ධූරයෙන් ඉවත් වූ දයාසිරි තවමත් ඇමැති නිල නිවසේ

PropellerAds

ඇමැති ධූරයෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තවමත ඇමැති නිල නිවස තවමත් රජයට බාර දී නො...

යුද සමයේදී ආරක්ෂ හමුදා පෙන්වූ හික්මීම පැසසිය යුතුයි - ජනාධිපති
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කෙරේ.
රජ ගෙදරින් සිරගෙදරට
ඇමැති ධූරයෙන් ඉවත් වූ දයාසිරි තවමත් ඇමැති නිල නිවසේ

ඇමැති ධූරයෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තවමත ඇමැති නිල නිවස තවමත් රජයට බාර දී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා භාවිත කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඇමැති නිල නිවස වන අතර එය නැවත අලුත්වැඩියා කර ඇතැයිද වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුට ගෙන ආ පසුගිය අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වූයේය. එම ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයිමස පළමුවැනිදායි.

ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස තුනක් ගතව ඇතැත් ඔහු තවමත් අමාත්‍ය ධුරකාලයේදී භාවිත කළ නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී නොමැත. එම නිවස පිහිටා ඇත්තේ කොළඹ හත හෙක්කර්කොබ්බෑකඩුව අංක සී - 78 දරණ ස්ථානයේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවස්ථා ගණනකදී එම නිල නිවසින් ඉවත්ව එය තමන්ට භාර දෙන්නැයි දයාසිරි ජයසේකර මහතාට දන්වා ඇතත් එය දයාසිරි මන්ත්‍රීවරයා එය කිසිදු සැලකිල්ලකට ගෙන නැතැයි වාර්තා වේ.

ඒ අනුව දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නඩු පවරා නිවස නැවත ලබා ගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇතැයිද එම ආමත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ අතර අමාත්‍ය ධුරවලින් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සඳහා ඇමැති ආරක්‍ෂාව ලබා දී තිබෙන බව පසුගියදා වාර්තා පළ විය.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇතැයි වාර්තා විය.

සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා ඇමති ආරක්‍ෂක කොට්ඨාස (MSD) නිලධාරීන් 08ත්, 16ත් අතර ප්‍රමාණයක් හෝ ඇතැම් විට 20ක පමණ ප්‍රමාණයක් මෙන්ම ඊට අවශ්‍ය පරිවාර රථද යොදවන අතර, අදාළ නිලධාරීන් හා රථ නඩත්තුව සඳහා සැලකිය යුතු පිරිවැයක් රජය විසින් දරනු ලැබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැති ධූරයෙන් ඉවත් වූ දයාසිරි තවමත් ඇමැති නිල නිවසේ
ඇමැති ධූරයෙන් ඉවත් වූ දයාසිරි තවමත් ඇමැති නිල නිවසේ
http://am.lk/media/k2/items/cache/14fc8ec83153e52ddbbb681be82035fb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy