මෙන්ඩිස් සමාගමෙන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා ලබාදී තිබෙන රුපියල් ලක්ෂ 30ක මුදල නැවත ලබාදීමට තමන් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ...
මෙන්ඩිස් සමාගමෙන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා ලබාදී තිබෙන රුපියල් ලක්ෂ 30ක මුදල නැවත ලබාදීමට තමන් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
මෙන්ඩිස් සමාගම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බවට මුදල් දෙන අවස්ථාවේදී තමන් නොදන්නා බවත්, මැතිවරණ කාලවලදී හිතවතුන් හා ව්‍යාපාරිකයන් මුදල් ලබාදීම සාමාන්‍ය දෙයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
අදාළ චෙක්පත් ආරක්‍ෂක නිලධාරියෙකු මගින් මාරුකර මැතිවරණ කටයුතු සඳහා යොදාගත් බවත්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගෙන තිබෙන බවට තමන් දැන ගත්තේ මීට දින දෙකතුනකට පෙර බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අවස්ථාවේදී තමන්ට කර කියා ගත නොහැකි වූ බවත්, මේ හේතුවෙන් අදාළ මුදල් පොදු කටයුතුවලට යොදවන ලෙස මහා සංඝරත්නය හෝ වෙනත් පිළිගත හැකි පාර්ශ්වයකින් ඉල්ලීමක් කළහොත් එම මුදල ලබාදීමට තමන් සූදානම් බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
මේක ජෝක් එකක් කියලද හිතන්නේ?
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ ජාතික ජනතා මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පාලකයන් ජනතාවට මෙසේ විහිලු සපයන යුගයට ඉතා ඉක්මනින් තිත තබන බවයි.
එසේම මෙවන් දේශපාලකයන්ට විරුද්ධව ජනතාව දේශපාලන දැනුමින් සන්නද්ධ කිරීම ද තම අරමුණ බව දඩල ප්‍රකාශකයා පැවසිය.
COMMENTS