දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Miss British Empire 2018 ශ්‍රී ලංකා නියෝජනයට වෛද්‍ය නුවන්දිකා ලක්මාලි සූදානම්.
Homeගොසිප්

Miss British Empire 2018 ශ්‍රී ලංකා නියෝජනයට වෛද්‍ය නුවන්දිකා ලක්මාලි සූදානම්.

PropellerAds

2018 වසරේ සැප්තැම්බර් මාසයේ මැද භාගයේ ඔස්‍ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත Miss British Empire 2018 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය ස...

'මඩ ගැහුවොත් ආණ්ඩුවෙන් එළියට' - මෛත්‍රීගෙන් එජාපයට ප්‍රතිචාර.
නව බදු පනතින් ජනතා බදු බර ඉවතට - මුදල් ඇමැති.
'බියර් මිල වෙනස් කරන් නෑ' - 2018 අය වැය ඒ විදිහටම ක්‍රියාත්මකයි.


2018 වසරේ සැප්තැම්බර් මාසයේ මැද භාගයේ ඔස්‍ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත Miss British Empire 2018 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වීමට රූමතියක් මෙන්ම වෛද්‍යවරියක් ද වන වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධන සුදුසුකම් ලබයි.

වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධන නවගමුව ප්‍රාදේශිය රෝහලේ ශ්‍රේණිගතත වෛද්‍ය නිලධාරිනියක් ලෙස සේවය කරයි. ප්‍රවීන නිරූපණ පුහුණකරුවෙකු සහ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන බ්‍රයන් කර්කෝවන් යටතේ නීරුපණ ශිල්පය හදාරන ඇය සීමාවාසික වෛද්‍ය පුහුණුවෙන් පසු වෘත්තිය ක්ෂේත්‍රයේ සිව්වන වසර ගතකරමින් සිටියි. ඉන් අනතුරුව ඇය උසස් අධ්‍යාපනය වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයෙන් හැදෑරීමට බලාපොරොත්තු වෙයි. වෛද්‍ය නුවන්දිකා ලක්මාලී නිරූපණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා කටයුතු කරමින් සිටින අතර StarNow Modeling සඳහා වන ඇයගේ දායකත්වය පදනම් කරගනිමින් මෙම රූ රැජිණ තරඟාවලියට අයදුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.

Miss British Empire 2018 හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වීමට ලැබූ අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධන කියා සිටියේ Miss British Empire international pageant සඳහා ශ්‍රී ලංකාවෙන් රූ රැජිණන් තෝරා ගැනීමට මෙරටට නියෝජිතයින් පත් කර නොමැති බවයි. මේ හේතුවෙන් එලෙස පත් කර නැති රටවල තරඟකාරිණියන් තෝරා ගැනීම සඳහා සජීවී ප්‍රදර්ශනයක් නොපැවැත්වෙන බවත් මෙම රටවලින් තරඟකාරියන් තෝරා ගැනීම සඳහා තරඟ සංවිධායකයින් විසින් සම්පූර්ණ ජීව දත්ත සහ ඡායාරූප ඉල්ලා සිටින බවත් සඳහන් කළාය. තමන් ද එලෙස ඡායාරූප සහ ජීව දත්ත යොමුකළ බවත් එහිදී තරඟ සංවිධායකයින් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තමන් තෝරාගෙන ඇති බවත් සඳහන් කළාය. ඒ අනුව මේ වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Miss British Empire 2018 සඳහා තමන් ඉදිරිපත් වන බව ඉතා සතුටින් ශ්‍රී ලාංකිකයින් වෙත දැනුම් දෙන බව ඇය සඳහන් කළාය.

තරඟයට සුදුසුකම් ලැබීම සජීවි ඡායාරූප තරඟාවලියක් හරහා සිදු කරන ලද අතර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධන සුදුසුකම් ලැබීම ම සුවිශේෂි ජයග්‍රහණයකි. Miss British Empire 2018 තරඟාවලිය සඳහා මෙවර ලොව පුරා රටවල් 97ක් නියෝජනය කරමින් තරඟකාරිණියන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම රූ රැජිණ තරඟය සඳහා ඉදිරිපත් වීම මඟින් ජාත්‍යන්තර තලයේ ඉහළ කීර්තියක් අත්කරගැනීමට මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිරූපණ අවස්ථාවන්ට එක්වීමට අවස්ථාව උදා වනු ඇති. මීට අමතරව මෙම Miss British Empire 2018 තරඟාවලිය ජයග්‍රහණය කරන රූ රැජිණට තවත් ලෝක රූ රැජිණ තරඟාවලින් වලට සහභාගි වීමට අවස්ථාව උදාවෙයි.

සිය පෙර පුහුණු කටයුතු වලදී මෙම තරඟාවලිය සංවිධානය කරන්නන් ගෙන් තමන් වෙත ප්‍රශස්ත දායකත්වයක් හිමිවන බවත් ප්‍රමුඛතම මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වන බ්‍රයන් කර්කෝවන් යටතේ තමන් පුහුණු වන බවත් රූ රැජින තරඟයට අවශ්‍ය ඇඳුම් නිර්මාණ කටයුතු සිදුකරන්නේ ද බ්‍රයන් කර්කෝවන් විසින් බව වෛද්‍ය නුවන්දිකා සඳහන් කළාය.

වෛද්‍ය වෘත්තියට අමතරව ඇය වසර 2017 සිට වෝටර්ස් ඒජ් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර සකුරායි ඒවියේෂන් හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරයි. තවද සිය පවුලේ ව්‍යාපාරය වන Elegant Cleopatra නමින් ඇඳුම්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සහ විලාසිතා සන්නාමයක් පවත්වාගෙන යාමටද ඇය සහාය දෙමින් සිටියි. ගායිකාවක් සහ ගී පද රචිකාවක් ලෙසද කටයුතු කරන ඇය මෙරට පිළිකා රෝගීන් සඳහා මූල්‍ය අරමුදලක් පිහිටුවා ගැනීමේ අරමුණින් ද ඇය කටයුතු කරයි. ඇය මෙම තරඟයට සහභාගි වීමේ අරමුණ වන්නේද මෙයින් ජයග්‍රහණය කළහොත් ලැබෙන මුදල් එම පිළිකා රෝගීන් සඳහා වන අරමුදල පිහිටුවීම සඳහා යොදා ගැනීමයි.

The Miss British Empire International Pageant තරඟාවලිය වසර 2011 දී ආරම්භ කළ එකක් වන අතර බ්‍රිතාන්‍ය රූ රැජිණක් සහ ජනප්‍රිය නිළියක් වන ලිස් ෆුලර් විසින් මෙම තරඟාවලිය ඉදිරිපත් කර තිබේ. කලාපිය වශයෙන් රටවල් වශයෙන් විහිදී පැතිරී සිටින කලාපයේ අනිකුත් රටවල රූමත් කාන්තාවන් සඳහා ජාත්‍යන්තර වේදිකාවක් සකසා දීමේ අරමුණින් මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. නිරූපණ, ගායන, නර්තන, සහ රංගන ක්ෂේත්‍ර සඳහා බොහෝ පිරිසක් හඳුන්වා දීමට ගතවූ වසර කිහිපය තුළ මෙම තරඟාවලියට හැකිවූ බව තරඟ සංවිධායකයින් සාඩම්බරයෙන් සිහිපත් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Miss British Empire 2018 ශ්‍රී ලංකා නියෝජනයට වෛද්‍ය නුවන්දිකා ලක්මාලි සූදානම්.
Miss British Empire 2018 ශ්‍රී ලංකා නියෝජනයට වෛද්‍ය නුවන්දිකා ලක්මාලි සූදානම්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd4UJiAgQDSmpTudklj5o6Pb38J9mL62LeX-0ovaLltNCwdEw7YoGU92OUBXmaPsBlQY0eEPrGEPI79EHS0_S7OXhZUmUT8mmvDRjkSG0v-J4AB57Zusqwmc5S-aOmq3f1qflokYdGtfU/s1600/Dr.-Nuwandika-Lakmali-Wickramarathne-Siriwardena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd4UJiAgQDSmpTudklj5o6Pb38J9mL62LeX-0ovaLltNCwdEw7YoGU92OUBXmaPsBlQY0eEPrGEPI79EHS0_S7OXhZUmUT8mmvDRjkSG0v-J4AB57Zusqwmc5S-aOmq3f1qflokYdGtfU/s72-c/Dr.-Nuwandika-Lakmali-Wickramarathne-Siriwardena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/miss-british-empire-2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/miss-british-empire-2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy