flydubai ගුවන්සේවය මත්තල ගුවන්තොටුපල සමඟ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ. නිශ්චිත කාලසටහනකට අනුව මත්තල ගුවන්...
flydubai ගුවන්සේවය මත්තල ගුවන්තොටුපල සමඟ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ. නිශ්චිත කාලසටහනකට අනුව මත්තල ගුවන්තොටුපොල සමගින් ගුවන් ගමන් සේවා සබඳතා පවත්වන ලද එකම ජාත්‍යන්තර ගුවන් සේවය මෙයයි.
මේ සම්බන්ධයෙන් flydubai ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, ඩුබායි සිට මත්තල දක්වා ගමන් කරන මගීන් හට මත්තල සිට කටුනායක දක්වා නැවත වරක් යාමට තම යානයක් ලබා දිය යුතුව ඇති බවයි.
එබැවින් වාණිජමය අතින් මෙම ගුවන්තොටුපල භාවිතය ලාභදායී නොවන බැවින් අද (08) සිට flydubai ගුවන්සේවය මත්තල ගුවන්තොටුපල වෙත ගමන් කිරීම නවතා දමන බව නිවේදනය කර සිටී.
COMMENTS