ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැති කැබිනට්...
ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
බඩු මිල සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර කැබිනට් රැස්වීමේදී ඇති වූ සංවාදයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අදහස සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
හාල්,පොල්, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කලින්ට වඩා අඩුව ඇතැයි පවසා ඇති මුදල් ඇමැතිවරයා සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් වල හැමදෙයක් ගැනම කතා කළද මේ ජීවන වියදම අඩුවීම ගැන කතා කරන්නේ නැතැයි පවසා ඇත.
ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංවාදයට එක්ව ඇති අතර ජීවන වියදම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්නැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
COMMENTS