දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''මහින්ද-ගෝඨා-ෆොන්සේකා රටින් පැනගියා. අවසන් සටනට නායකත්ව දුන්නේ මමයි'' - ජනාධිපති.
Homeගොසිප්

''මහින්ද-ගෝඨා-ෆොන්සේකා රටින් පැනගියා. අවසන් සටනට නායකත්ව දුන්නේ මමයි'' - ජනාධිපති.

PropellerAds

බදාදා (26) දින රාත්‍රියේ ඇමරිකාවේ නිවියෝර්ක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හමුවක් සංවිධානය කර...

ඉන්දියාවේ හා පාකිස්තානයේත් රුපියල බාල්දු වෙලා.
ගිං-නිල්වලා ව්‍යාපෘතියේ මගඩියක් : ඇමතිවරු දෙදෙනෙකුට චෝදනා.
ලක්ෂ 38ට කොළඹින් ගෙදරක්..?


බදාදා (26) දින රාත්‍රියේ ඇමරිකාවේ නිවියෝර්ක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හමුවක් සංවිධානය කර තිබු අතර එහිදී ජනාධිපතිවරයා මේබව කියා සිටියේය.

මේ අවස්ථාවට රාජිත සේනාරත්න, චම්පික රණවක යන අමාත්‍යවරුන්ද එක්ව සිටියේය.

එහිදී පළමුව ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ තිබෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලෙසයි.

එම අවස්ථාවේදී එක් ශ්‍රී ලාංකිකයෙකු නැගිට රජය රණවිරු දඩයම නතර කළ යුතු බව කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

''යුද්ධය අවසන් සති දෙක තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ, හිටපු යුධ හමුදාපතිවරයා රටේ හිටියෙත් නැහැ. මම වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

අර පිරිස රටේ හිටියේ නැත්තේ කොටි ත්‍රස්තවාදීන් කොළඹට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ වාර්තා කර තිබු නිසයි. මමත් ආරක්ෂාව සදහා කොළඹ විවිධ ස්ථානවල රැදී සිටිමින් යුද්ධයට අණ දුන්නා.

එම නිසා රණවිරුවන් කළ සේවය මම දන්නවා. මම කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට 05 වතාවක් ගොදුරු වූ නායකයෙක්. එම නිසා රට ආරක්ෂා කිරීමටත්, රණවිරුවන් ආරක්ෂා කිරීමටත් මම කැප වෙනවා.

යුද්ධයට මුවා වෙලා කල අපරාධ වැරදියි :

කෙසේ නමුත්, යුද්ධයට මුවා වෙලා අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වැරදියි. මාධ්‍ය වේදීන් ඝාතනය කිරිම සහ පහරදීම, මාධ්‍ය ආයතනවලට ගිණි තැබීම, ක්‍රීඩකයින් ඝාතනය කිරිම මිනිසුන් පැහැරගෙනයාම, රණවිරුවන්ගේ වැඩ නොවෙයි.

රණවිරු නාමයටත් එය කැළලක්. එම අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි'' යයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

රණවිරු දඩයමක් නැහැ :

යුද්ධය පැවති සමයේදී මෙන්ම ඉන් පසුව ද යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සුහඳ හමුවේදී අවධාරණය කර තිබේ.

2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව ද ඔහු සදහන් කර ඇත.

යුද්ධයෙන් බාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලූදෙනාට නීතිය ක්‍රියාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රණවිරුවන්ගේ ගෞරවය දිනා දුන් සංචාරයක් :

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සදහා සහභාගීවීමට සිදුකරන ලද තම ඇමරිකා සංචාරය මාතෘ භූමියේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ද ගෞරවය දිනා දුන් සංචාරයක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 25 දා නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ තුන් වැනි සැසි වාරය අමතමින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා ජාත්‍යන්තර රාජ්‍ය නායකයන් ඉදිරියේ මහත් ප්‍රශංසාවට ලක් කළේය.

ජනාධිපතිවරයා එහිදී ත්‍රිවිධ හමුදාව පිළිබඳව උදම් ඇනුවේ “මගේ ආරක්ෂක හමුදා” ලෙස හඳුන්වමිනි.

“ශ්‍රී ලංකාවේ ස්ථීර සාමයක් ඇති කිරීම සඳහා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරමින් අපේ ආරක්ෂක හමුදා කරනු ලැබු ඒ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම මගේ ආරක්ෂක හමුදාවලට මා ස්තුතිවන්ත වෙනවා රටට සාමය ඇති කරන්න ඒකීය භාවය ශක්තිමත් කරන්න ඒ කරන ලද මහා කැපවීම පිළිබඳව,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


රජයේ හමුදා විසින් යුද්ධාවසානයේදී සිදු කළ බවට චෝදනා නැගෙන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගවීමෙන් බැඳෙන බවට මෙයින් තුන් අවුරුද්දකට පෙර ජිනීවාහි දී ජගත් මානව හිමිකම් මණ්ඩලයේ හවුල් ගිවිසුමකට බැඳුනු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඒ වගකීමෙන් මුදාහරින ලෙස ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා තම නිව්යෝර්ක් ආමන්ත්‍රණය අවස්ථාවක් කොට ගත්තේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''මහින්ද-ගෝඨා-ෆොන්සේකා රටින් පැනගියා. අවසන් සටනට නායකත්ව දුන්නේ මමයි'' - ජනාධිපති.
''මහින්ද-ගෝඨා-ෆොන්සේකා රටින් පැනගියා. අවසන් සටනට නායකත්ව දුන්නේ මමයි'' - ජනාධිපති.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2D5dAOnQ4atdKVvSJl2ubcLoh_LsONetr4fHcK6WmMjCdvwcHyRLIPQSoYHLR1PcEIiHQRFG3lYt1DaVdhuPSOK2nXGrGQEzaIh60izouOznufFyZj0nA8dm_-d7dqFdeAyErRC21N9OD/s1600/01+%25285%2529.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2D5dAOnQ4atdKVvSJl2ubcLoh_LsONetr4fHcK6WmMjCdvwcHyRLIPQSoYHLR1PcEIiHQRFG3lYt1DaVdhuPSOK2nXGrGQEzaIh60izouOznufFyZj0nA8dm_-d7dqFdeAyErRC21N9OD/s72-c/01+%25285%2529.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy