ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන “ජනබලය කොළඹට“ විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. මේ වන විටත්...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන “ජනබලය කොළඹට“ විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
මේ වන විටත් ජනතාව කොළඹට පැමිණීමට පටන් ගෙන ඇති බවත් ඇතැම් බස් රථ ඊයේ රාත්‍රියේදීම කොළඹට පැමිණ ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන විරෝධතා රැළිය අද(05) කොළඹදී පැවැත්වීමට කටයුතු කර තිබේ.
මෙම ජන බලය මහජන විරෝධතා රැළිය මැඩ පැවැත්වීම සඳහා ආණ්ඩුව විවිධ පියවර ගත්තද නොබියව ඊට මුහුණ දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිළ නිවසේ ඊයේ(05) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියමිත වේලාවේදී ජනතා රැළියට සහභාගී වනු ඇති බවයි.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සහයද මෙම රැළියට ලැබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS