ඉන්දියාවේ සමලිංගිකයන් වෙත මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කර තිබේ. සමලිංගික විවාහ නී...
ඉන්දියාවේ සමලිංගිකයන් වෙත මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කර තිබේ.
සමලිංගික විවාහ නීතිගත කිරීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබාදී තිබිණි. එරට අධිකරණයට ඉදිරිපත් වූ පෙත්කම් රැසක් සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
වසර ගණනක සිටම සමලිංගික පුද්ගලයින් ඔවුන්ගේ අයිතීන් ඉල්ලා විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් එක්ව අධිකරණයට පෙත්සම් රැසක්ද ඉදිරිපත් කර තිබුණේ සමලිංගික විවාහ සඳහා අවසර ලබා දෙන ලෙසයි.
මේ අතර එලෙස ඉන්දියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතාද ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහනක් කරමින් සුබපැතුම් එක්කර තිබේ.
COMMENTS