දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිලීපන්ගේ සමරු උළෙලට එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු එල්.ටී.ටී.ඊ ඇදුමෙන් ඇවිත්! ආරක්ෂක අංශ එනවිට පිටව ගිහින්
Homeප්‍රවෘත්ති

තිලීපන්ගේ සමරු උළෙලට එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු එල්.ටී.ටී.ඊ ඇදුමෙන් ඇවිත්! ආරක්ෂක අංශ එනවිට පිටව ගිහින්

PropellerAds

තිලීපන්ගේ තිස් එක්වෙනි සැමරුම් උළෙලට එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ භාවිත කළ කැළෑ සටන් කැළෑ ඇදුමේ ටීෂර්ට් එකක් පැළද එම ස්ථානයට පැමිණී එල්.ටී.ටී.ඊ ස...

දුමින්දට මරණ දඬුවම!
යාපනයේ කැලෑවකින් මළ සිරුරක් හමුවෙයි
හිටපු ජනපති ලේකම් ජනපති කොමිසමට
තිලීපන්ගේ සමරු උළෙලට එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු එල්.ටී.ටී.ඊ ඇදුමෙන් ඇවිත්! ආරක්ෂක අංශ එනවිට පිටව ගිහින්

තිලීපන්ගේ තිස් එක්වෙනි සැමරුම් උළෙලට එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ භාවිත කළ කැළෑ සටන් කැළෑ ඇදුමේ ටීෂර්ට් එකක් පැළද එම ස්ථානයට පැමිණී එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම සදහා යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය නොවූ එම සාමාජිකයා කැළෑ ඇදුම් ටීෂර්ට් එකක් පැළද තිලීපන්ගේ තිස් එක්වෙනි සැමරුම් උළෙලට ඊයේ (15) පස්වරුවේදී පැමිණීම නිසා එම ස්ථානයේ විශාල ගාලගෝට්ටියක් ද ඇති වී තිබේ.

තිලීපන්ගේ සමරු උළෙල සංවිධානය කළ පිරිස පවසා ඇත්තේ එවැනි ඇදුමක් ඇදගෙන පැමිණීම කාලෝචිත නොවන බවත් ආරක්ෂක අංශ වලින් අනවශ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බවත්ය.

නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කැළෑ ඇදුමේ ටීෂර්ට් එකක් දමා ගෙන පැමිණි පුද්ගලයා තර්ක කොට ඇත්තේ තිලීපන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු නිසා ඔහු මෙවැනි ඇදුමක් ඇදීමේ කිසිම වරදක් නොමැති බවය.

තිලීපන් මියගිය අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ. නායකයා පවා පැමිණ ඔහුට අවසන් ගෞරව දැක්වූ බවත් තිලීපන්ගේ දේහයට පවා අන්දවන ලද්දේ එල්.ටී.ටී.ඊ. නිල ඇදුමක් බවත් ඔහු පවසා ඇත.

මේ අවස්ථාවේදී කුපිත වූ තරුණයින් පිරිසක් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ඉවතට දැමීමට උත්සහ කරද්දී එතැන සිටි තවත් පිරිසක් ඔහුට කරුණු අවබෝධ කොට දී ඔහුව එම ස්ථානයෙන් ඉවත් කොට තිබේ.

මේ අවස්ථාවේදී එතැන සිටි පිරිසෙන් එක් කොටසක් එල්.ටී.ටී.ඊ.සාමාජිකයාගේ පැත්ත ගෙන ඇති අතර අනෙක් පිරිස ඔහුට විරුද්ධ වී තිබේ. විරුද්ධවාදීන් පිරිස වැඩි වූ නිසා ඔහුව ආපසු යවා ගැනීමට හැකි වූ බව වාර්තාවේ.

විශේෂයෙන්ම එතැන සිටි වයෝවෘද්ධ පුද්ගලයින් මේ ක්‍රියාවට විරෝධය පල කොට තිබේ.

මෙම එල්.ටී.ටී.ඊ.සාමාජිකයා රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය නොවූ සාමාජිකයෙකු බවට තොරතුරු වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී එම නිලධාරීන් මේ ස්ථානයට පැමිණෙන විට අදාල පුද්ගලයා එම ස්ථානයෙන් ගොස් සිටි බව වාර්තා වේ.

කෙසේ වෙතත් යාපනයේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

තිලීපන් සමරු උළෙල සංවිධානය කොට ඇත්තේ යාපනයේ නල්ලූර් කෝවිල අසල ඉදිකරන ලද තිලීපන් ස්මාරකය අභියසදීය.

මීට වසර තිස් එකකට පෙර එනම් 1987 සැප්තැම්බර් මස 15 වෙනි දින තිලීපන් විසින් මාරාන්තික උපවාසය ආරම්භ කළ ස්ථානයේ එම ස්මාරකය ඉදිකොට ඇති අතර සැප්තැම්බර් 15 දා සිට ඔහු මිය ගිය සැප්තැම්බර් 26 වනදා දක්වා එම ස්ථානයේ සමරු උත්සව පැවැත්වීමට තිලීපන් ගුණානුස්මරණ කමිටුව තීරණය කොට තිබේ.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිලීපන්ගේ සමරු උළෙලට එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු එල්.ටී.ටී.ඊ ඇදුමෙන් ඇවිත්! ආරක්ෂක අංශ එනවිට පිටව ගිහින්
තිලීපන්ගේ සමරු උළෙලට එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු එල්.ටී.ටී.ඊ ඇදුමෙන් ඇවිත්! ආරක්ෂක අංශ එනවිට පිටව ගිහින්
http://am.lk/media/k2/items/cache/37c3b9d71e2cd8e7ecf7bfdd9460ebef_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_486.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_486.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy