හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද (08) බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ තැපැල් දෙපා...
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද (08) බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.
ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයක් අවස්ථාවේදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාදීම සඳහායි.
එම උත්සවය තැපැල් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ට සහ මුද්දර කාර්යාංශයේ නිලධාරීන්ට පවත්වා ඇති අතර එහිදී ඔවුන්ට ආහාර සැපයීමේදී මූල්‍ය අක්‍රමිකාවක් සිදු වූ බවට ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
අද උදෑසන 10.00 ට පමණ මෙම කොමිසම වෙත පැමිණි ලලිත් වීරතුංග මහතාගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
COMMENTS