රටට අහිතකර බලපෑම් එල්ල වියහැකි බැවින් සිංගප්පූරු ගිවිසුම පරාජය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. ඊයේ (1...
රටට අහිතකර බලපෑම් එල්ල වියහැකි බැවින් සිංගප්පූරු ගිවිසුම පරාජය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
ඊයේ (19) පෙරවරුවේ මල්වතු අනුනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුවය.
සිංගප්පුරු ගිවිසූම හරහා රටට සිදු වන හානිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරුලියේ රතන හිමි අද මෙලෙස මල්වතු අනුනාහිමියන් බැහැදැක කරුණු පැවසු බව පුජ්‍ය රතන හිමියන් පැවසීය.
ඉන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන් රතන හිමි පැවසුවේ මෙම සිංගප්පූරු වේළඳ හිවිසුම මගින් රජයේ ස්වෛරීත්වයට , ස්වාධීනත්වයට සහ ආර්ථිකයට මෙන්ම අනෙකුත් සියලුම ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල කරන බවයි.
ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම වෙළඳ ගිවිසුම් ඇති කළ හිටපු ජනපති ජේ.ආර්. විජේවර්ධන මහතාවත් සිදු නොකළ දේ මෙම ගිවිසුම හරහා සිදු වන බව උන්වහන්නේ පැවසුවේය.
වේළඳ ගිවිසුම් ඇති කිරිමේදි රටේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරිම සඳහා පනවා ඇති සෙස් බද්ධද මෙම ගිවිසුම තුළ අහොසි කර ඇති බව උන් වහන්සේ වැඩිදුරටත් පැවසීය.
COMMENTS