පළාත් සභා මැතිවරණය අප්‍රේල් මාසයට පෙර පැවැත්වීම හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය. කෙසේ වෙතත් දේශප්...
පළාත් සභා මැතිවරණය අප්‍රේල් මාසයට පෙර පැවැත්වීම හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.
කෙසේ වෙතත් දේශප්‍රිය මහතා සදහන් කලේ ඒ සදහා ඇති නීතිමය බාධා රජය ඉවත් කර දිය යුතු බවය .
පළාත් සභා මැතිවරණය සදහා රජය නව මැතිවරණ ක්‍රමයක් හදුන්වා දුන් අතර එහි සීමා නිර්ණ තවමත් අවසන් නැහැ.
ඒ අනුව පැරණි මැතිවරණ ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා නව නීති පාර්ලිමේන්තුවේ සම්මත කල යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේය.
වයඹ, මධ්‍යම , උතුරුමැද, උතුරු, නැගෙනහිර සහ සබරගමුව පළාත් සභා වල මැතිවරණය පැවැත්වීම මේ වන විටත් කල් ගොස් ඇත.
COMMENTS