දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ ණය පියවන්න මුදල් සැපයීම මුදල් අමාත්‍යංශයට පවරන්න යයි.
Homeගොසිප්

රජයේ ණය පියවන්න මුදල් සැපයීම මුදල් අමාත්‍යංශයට පවරන්න යයි.

PropellerAds

රජයේ ණය පියවීම සඳහා මුදල් සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට රජය තීරණය කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග ...

ජල බේසමකට වැටී ළදරුවකු මියයයි
ඒ තමයි මගේ වාසනාවන්ත දවස - විනාඩි දෙකක ප්‍රමාදයක් නිසා ඉතියෝපියාවේ ගුවන් අනතුරෙන් බේරුනු පුද්ගලයෙක්..!
කෝටි 700 දියමන්තිය කොල්ල කෑ පාතාලයාගේ ලක්‍ෂ 37 සිංහ තෙල් සුරය ගැන මංජුල පීරිස් කියයි..


රජයේ ණය පියවීම සඳහා මුදල් සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට රජය තීරණය කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 

රජයේ ණය මූල්‍ය අවශ්‍යතා සඳහා මුදල් ජනනය කිරීමේ වගකීම පැවැරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටය.
  
නව තීරණය අනුව රජය වෙනුවෙන් අරමුදල් ජනනය කිරීමේ වගකීම භාණ්ඩාගාරයට පැවරෙනු ඇත. වර්තමානයේදී මහ භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස එම වගකීම ඉටු කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. 

මෙම වෙනස් කිරීම ද ඇතුළුව තවත් සංශෝධන කිහිපයක් මූල්‍ය පනතට ඇතුළත් කිරීමට නියමිත අතර මූල්‍ය මණ්ඩලයට තිබෙන දේශපාලනය පීඩනය අඩු කිරීම ද මෙහි එක් අරමුණක් බව පැවසේ.

නව සංශෝධන අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට, මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ මහ බැංකුවේ අනෙකුත් නිලධාරීන්ට ආචාර ධර්ම සංග‍්‍රහයක් හඳුන්වාදීමට ද නියමිතය. 

2015 සිදු වූ මතභේදාත්මක බැඳුම්කර නිකුතුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව අර්ජුන මහේන්ද්‍රන්ගේ අධිපතීත්වය යටතේ බැඳුම්කර නිකුත් කිරීම රුපියල් බිලියනයේ සිට බිලියන 10 දක්වා ඉහළ දැමීය. රජයේ යටිතල පහසුකම් බේරුම් කිරීමේ බිල් පියවීම සඳහා එසේ කරන ලද බව පැවැසිණි. 

එහෙත් ප‍්‍රාථමික ගනුදෙනුකරුවකු වන පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ඉන් ලාභ ඉපැයීය. පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අයිතිකරු වන අර්ජුන් ඇලෝසියස් වන අතර ඔහු අදාළ බැඳුම්කර නිකුතුව පිළිබඳ අභ්‍යන්තර තොරතුරු දැන සිටි බව ද අනාවරණය විය. 

ඉහත සඳහන් කරන ලද වෙනස ද ඇතුළුව සංශෝධන කිහිපයක් මූල්‍ය පනතට යෝජනා වී ඇති සංශෝධන අතර තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

දේශීය සහ ජාත්‍යන්තර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල් නිකු-ත් කරමින් රජය වෙනුවෙන් මුදල් රැුස්කිරීම මහ බැංකුවේ සාම්ප‍්‍රදායික කාර්යභාරයක් විය. එහෙත් 2015 වසරේ මහ බැංකුවේ සිදුවීමත් සමඟ එම බැංකුව බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ කි‍්‍රයාවලිය දැඩි කරමින් එලෙස නිකුත් කිරීම අවම කරන ලදී.

කෙසේ නමුත් 2015 වසරේ සිදුවීම නිසා මෙම පියවර ගත්තේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අදහස් දැක්වීම අදාළ මූලාශ‍්‍ර විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි. එහෙත් උද්ධමනය සම්බන්ධ කටයුතු මහ බැංකුව දිගටම කරගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.  

මෙම යෝජිත සංශෝධනවලින් ඉදිරිපත් කර තිබෙන නව නෛතික සහ වගවීම් රාමුව තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවට කලින් තිබුණාට වඩා ස්වාධීනත්වයක් සහ වගවීමක් හිමිවනු ඇතැයි පැවසේ. 

වාර්තමානයේදී මූල්‍ය තත්ත්ව නොසලකා හරිමින් ප‍්‍රාථමික වෙළෙඳපොළේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට මහ බැංකුවට සිදුවන අවස්ථා ඇත. 

මෙම නව සංශෝධන ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. නම්‍යශීලී උද්ධමන ඉලක්කයක් පවත්වාගෙන යෑම මෙම සංශෝධනවල එක් අරමුණක් වී තිබෙන අතර ඉකුත් අපේ‍්‍රල් මාසයේදී මූල්‍ය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. 

මේ අනුව මූල්‍ය මණ්ඩලය ද ප‍්‍රතිව්‍යුහගත කෙරේ. සාම්ප‍්‍රදායිකව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වූ අතර නව සංශෝධන අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉන් ඉවත් කෙරෙනු ඇත. ඇතැම් අවස්ථාවලදී මුදල් අමාත්‍යවරයා තම නියෝජිතයා හරහා මූල්‍ය මණ්ඩලයේ තීරණවලට බලපෑම් කිරීමට උත්සාහ ගත් අවස්ථා ද විය. 

[සන්ඩේ ටයිම්ස්]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ ණය පියවන්න මුදල් සැපයීම මුදල් අමාත්‍යංශයට පවරන්න යයි.
රජයේ ණය පියවන්න මුදල් සැපයීම මුදල් අමාත්‍යංශයට පවරන්න යයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSChIfzhojwtzBNrpUJPKC_JayWip-FjzGpmU9DBoBdQEcF0BpbErC5cje9xXOCjuujskqIkoBaG41GOLoNdTLU74LpTdF_LicCyqYGYtvz6FXyoPjvuPrFfbktp_MIkd6FMZSCiPbV4KX/s1600/finance-Ministry.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSChIfzhojwtzBNrpUJPKC_JayWip-FjzGpmU9DBoBdQEcF0BpbErC5cje9xXOCjuujskqIkoBaG41GOLoNdTLU74LpTdF_LicCyqYGYtvz6FXyoPjvuPrFfbktp_MIkd6FMZSCiPbV4KX/s72-c/finance-Ministry.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_426.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_426.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy