දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැත, ඇයට අතක් ඇත!
Homeප්‍රවෘත්ති

නැත, ඇයට අතක් ඇත!

PropellerAds

ඇගේ නම ලුසී මාටින් ය. මේ ‘වෙදර් ගර්ල්’ අද වන විට ‘තනි අතක් ඇති සුන්දර යුවතිය’ වශයෙන් ලෝක ප්‍රසිද්ධ ය. ලෝකය ඇය ගැන කතා කරමින් සිටින්නේ ඇය ...

ලංකාවෙන් සොරාගත් 18 වන සියවසේ මිල කළ නොහැකි බුදුපිළිම 2ක් අමෙරිකාවෙන් මතුවෙයි (PHOTOS)
ආණ්ඩුවේ මන්ත‍්‍රීනී ඩයනා ගමගේ සත්‍යග‍්‍රහයක…
පිටරට සිට ලංකාවට විනකරන මත් රකුසන්ට රතු නිවේදන
නැත, ඇයට අතක් ඇත!

ඇගේ නම ලුසී මාටින් ය. මේ ‘වෙදර් ගර්ල්’ අද වන විට ‘තනි අතක් ඇති සුන්දර යුවතිය’ වශයෙන් ලෝක ප්‍රසිද්ධ ය. ලෝකය ඇය ගැන කතා කරමින් සිටින්නේ ඇය කරන වැඩේ ගුණාත්මක බව දෙස බලමින් මිස ඇගේ අත දෙස බලමින් නොවේ!! කොතරම් කදිමට ඇය ඒ වැඩසටහන ඉදිරිපත් කරන්නේද යන්න ගැන සිතමින් සහ ඇගේ ධෛර්යයට පසසමින් මිස, “වෙන අය නැතුවටද අප්පා, මේ අත නැති කෙල්ලෙකුට තැන දුන්නෙ..!?” යනුවෙන් විස්සෝප වෙමින් නොවේ. 

ඇතැම් විට බීබීසී වැඩසටහන් නිෂ්පාදකයා සහ අධ්‍යක්ෂවරයා ඇගේ අහිමි අත නොපෙනෙන සේ කැමරා රාමුවට ඇයව හසුකර ගැනීමට උත්සුක වෙති. සමීප රූප ඉල්ලා සිටිති. එවිට ඇගේ අහිමි අත කිසිසේත්ම නොපෙනේ. ඔවුන් විසින් ඒ උපදෙස් කලින්ම කැමරා ශිල්පීන්ට ලබා දී තිබේ. එය අමතර වදයක් ලෙස ඔවුන් සිතන්නේ නැත.  දුරස්ථ රූප රාමුවකදී පවා, ඇගේ මේ ‘ලක්ෂණය’ විසින් සිය වැඩසටහනට ‘අමතර විශේෂයක් සහ දැවැන්ත වටිනාකමක්’ එක් කරන බව ඔවුහු විශ්වාස කරති.

 

වැරදීමකින් හෝ ලුසී මාටින් ලංකාවේ ඉපදුණා යැයි සිතන්න! එය එසේ වූවා නම් ඇගේ සිහිනය ළමාවියේදීම මියැදෙනු ඇත. “අතක් නැතිව ඔයාට ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්ද..?” යැයි ‘අපේ අය’ හෙවත් ඊනියා ‘සමාජය’ නොඅනුමානවම ඇගේ මුහුණටම කියා දමනු ඇත. සිතේ දිරියෙන් ඒ සිහිනයට පණ පොවන්නට සිතූ යම් දිනෙක පවා, “... කමක් නෑ.. අත නැති වුණාට කඳ ලස්සනයිනෙ... කකුල් දෙක ලස්සනයිනෙ..” යැයි, ඇතැම් කාමුක වැඩසටහන් නිෂ්පාදකයෙක් ඇයට වහෙන් ඔරෝ බසින් හෝ මුහුණටම පවා කියන්නට ඉඩ ඇත. “මගෙ නම් අවුලක් නෑ නංගි., ඒත් ඉතින් අපේ ලොක්කව කැමති කරගන්න එක ඔයාට බාරයි... අපි බලමු, ඔයා මට රෑ වෙලා කෝල් එකක් දෙන්නකෝ..” වැනි වදන් සමගින් ඇගේ යුවතිකම සියුම් ලෙස වෙන්දේසි වන්නටත් මේ රටේදී බොහෝ ඉඩ තිබේ.

ඒ කඩඉමත් කෙසේ හෝ පසුකර ඇය කෙසේ හෝ මේ ලංකාවේදී නිවේදිකාවක් වුණා යැයි සිතන්න. එවිට ඊනියා ‘චැනල් එකේ’ ගේට්ටුවෙන් යන තැන පටන්ම, ඈ දෙස ඇස් කරකවමින් බලන පිරිමි සමූහයකට සහ ඈ දෙස ඇස් කොණින් බලන ගෑනු සමූහයකට ඇය මැදිවනු ඇත. ඈ කරන වැඩේ දෙස නොව ඇගේ අහිමි අත දෙසම බලනු ඇත. ඇති තැන චාටු බස් කියා පසසා, නැති තැන ඇගෙන් ‘ආතල්’ ගනු ඇත. ඒ අනුව ‘කමෙන්ට්ස්’ දෙනු ඇත. ආරංචි වන්නට කැත කතා කියනු ඇත. ඉතාම කලාතුරකින් කෙනෙක් පමණක් ඇයව අවංකව පසසනු ඇත. වැඩි දිනක් යන්නට මත්තෙන්, හඳ පෙන්නූ විට හඳ දෙස නොබලා අත දෙස බලන ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වන්නට බැරි බව පසක් කරගෙන ඈ තම සිහිනයට සමුදෙනු ඇත. 

මේ ලෝකයේ සිටින‘ලුසී මාටින්ලා’ට ‘පහසුවෙන්’ සිටිය හැක්කේ හෙවත් ‘ජීවත් විය හැක්කේ’ ‘මිනිසුන්’ අතරේදී පමණි. වග වලසුන් අතරේදී නොවේ. එනයින් ඇය එක හෙළාම සහ නිසැකවම වාසනාවන්ත ය. 

එනිසා මේ ලිපිය ආරම්භයේදී දැක්වූ ඇගේ බසින්ම පවසන්නේ නම්, සුන්දර මිනිසුන් අතරේ ඉපදුණු නිසා අද ඇගේ ජීවිතය ‘වියළි කාලගුණයෙන් තොර’ ය. එය ‘උණුසුම්’ ය. ‘දීප්තිමත්’ ය. මහත්වරුනි, ඒ රටේ සහ මේ රටේ ලොකුම වෙනස එයයි.

 
-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැත, ඇයට අතක් ඇත!
නැත, ඇයට අතක් ඇත!
http://ift.tt/2xcouvD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_480.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_480.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy