දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාක්ෂණ නගරයේ කිසිම ඉඩමක් බලෙන් ගන්නේ නෑ - පාඨලී.
Homeගොසිප්

තාක්ෂණ නගරයේ කිසිම ඉඩමක් බලෙන් ගන්නේ නෑ - පාඨලී.

PropellerAds

හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතියට කිසිඳු ඉඩමක් බලහත්කාරයෙන් පවරා ගන්නේ නැති බවත් ඒ කිසිවක් කොරියාවට විකුණන්නේ නැති බව අමාත්‍ය පාඨලී  චම්පික ...

ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය තවත් දිගු කරයි.
පුංචි ඡන්දයෙන් පසු රුපියල තවදුරටත් පහළට.
ආණ්ඩුවේ අර්බුද නිමයි - තානාපතිවරු මැදිහත් වෙයි.


හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතියට කිසිඳු ඉඩමක් බලහත්කාරයෙන් පවරා ගන්නේ නැති බවත් ඒ කිසිවක් කොරියාවට විකුණන්නේ නැති බව අමාත්‍ය පාඨලී  චම්පික රණවක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ හෝමාගම ඉදිවීමට නියමිත තාක්ෂණ නගරය පිළිබඳව හෝමාගම ජනතාව තුළ පවතින ගැටළු විසඳා ගැනීමේ පිටිපන ප‍්‍රදේශයේ පැවැති සුහද කතිකාවතකට සහභාගී වෙමිනි. 

 එසේම අදාළ සියළුම ව්‍යාපෘති තාක්ෂණික ව්‍යාපෘති පමණක් වන බවත් ඒ සඳහා  ඉඩම් අක්කර 4,000 ක්ම අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කර ඇත.

මෙහිදී  තාක්ෂණ නගරය ඉදිකිරීමේදී ඉඩම් අත්පත්කරගැනීම සම්බන්ධව ජනතාව තුළ පවතින අනවශ්‍ය බිය සහ පැන නැගී ඇති ගැටළු නිරාකරණය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමද සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘සිංගප්පූරවෙන් කසළ ගෙනවිත් දමනවා යැයි ප‍්‍රදේශය පුරා අසත්‍ය ප‍්‍රචාරයන් පතුරවමින් යනවා, ඒවා පට්ටපල් බොරු. සිංගප්පූරුව හැතැප්ම හාර පන්දාහක් මහ මුහුදේ කුණු ගෙනවිත් දමන්න අවශ්‍යතාවයක් නැහැ. සිංගප්පූරුව කියන්නෙ ලෝකයේ ඉතාම හොඳින් කසළ කළමණාකරණය කරන තැනක්. ඒ අයගේ රටේ ඒ අය හදලා තිබෙනවා කෘතිම දූපතක්. එයට තමයි එයාලගේ කසල ගෙනිහින් දමන්නේ. අවශ්‍ය  ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්, එය සංචාරක වශයෙනුත් පෙන්වන තැනක්.

ඊ ළඟට කියනවා මේ නැනෝ තාක්ෂණ ආයතනය මගින් අහසට කිරණක් විදලා නියඟයක් ඇතිකරලා කියලා. මේවා පට්ටපල් බොරු. නැනෝ තාක්ෂණ ආයතනය මගින් එවැනි දේ නෙමෙයි සිදු කරන්නේ, අද මේ රටේ ඉතාමත්ම දියුණු වැඩසටහන් ගනණාවකට එම තාක්ෂණ ආයතනය නැඹුරු වී තිබෙනවා. රටේ තිබෙන ඉහළ ගනයේ ව්‍යාපාර ආයතන ගණනාවක් එයට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටට විශාල ආදායම් ප‍්‍රමාණයක් ඒ මගින් ඇතිකර තිබෙනවා. අපේ රටේ කුඹුරුවලට දාන පොහොර වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් අපතේ යනවා. පසුගිය දා  ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකගේ මැදිහත් වීමෙන් නැනෝ තාක්ෂණ ආයතනයෙන් පොහොර යෙදීමට අලූත් ක‍්‍රමයක් සොයා ගනු ලැබුවා. එමගින් එම පොහොර ප‍්‍රමාණයෙන් අඩක් පමණ භාවිත කර එම ප‍්‍රයෝජනයම ලබාගත හැකියි. එය රටට ප‍්‍රයෝජනයක්ද, නැද්ද. ඊ ළඟට එතන රෙදිපිළි නිෂ්පාදනයක් සිදු කළා. වතුර ගැවෙන්නේ නැති. අද අපේ ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ අඳින ඇඳුමේ කිිසිම ආකාරයක දහඩිය පැල්ලම් නැහැ. එම විශේෂ රෙදි නිර්මාණය කලේ අපේ නැනෝ තාක්ෂණ ආයතනයෙන්. මේ වගේ වැඩ තමයි එතන සිදුවෙන්නේ. එහෙම නැතිව අහසේ වැස්ස නවත්වනවා වගේ වැඩ නෙමෙයි. මොනවද එතන කෙරෙන්නේ කියලා ඔබතුමාලගෙන් තෝරාගත් පිරිස්වලට එම පර්යේෂණාගාරවලට ගිහින් බලන්න අවස්ථාව ලබාදෙන්නම්.

බොරු ප‍්‍රචාර යවලා මේ රටේ ජනතාව නොමග යවන්න එක්තරා කාලයක ඝාතන සංස්කෘතියකට මේ රටේ මුල්ගල තියපු පිරිස්  තමන්ගේ දරු පවුල් විදේශ රටවල පදිංචි කරවලා ඇවිත් රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන පිරිස් තමයි මේවා සිදු කරන්නේ. අපට  ඕනෙනම් ඔබතුමාලට නම් ගම් ඇතිව කියන්න පුළුවන් මේවා පිටුපස සිටින්නේ කවුද කියලා.

ඊ ළඟට ඇයි අපි මේ ප‍්‍රදේශයම තෝරා ගත්තේ. රටක් උනහම රටකට අරමුණක් තිබිය යුතුයි. අපේ රටේ තවදුරටත් නිදහස් වෙළඳ කලාප ඇතිකරලා ඒ මගින් රටට දියුණුවක් ඇති කර ගන්න බැහැ. අපේ විශාල උගත් තරුණ පිරිසක් සිටිනවා. ඒ අය අලූත් රැකියා ක්‍ෂෙත‍්‍රවලට යොමුකළ යුතුයි. ඒකට නවෝත්පාදනය අවශ්‍යයි. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් අපි මෙහි ඇතිකරනවා කෞතුකාගාරයක් වගේ දෙයක්. සියළුම පාසල් දරුවන්ට ඇවිත් මේ නවීන විද්‍යාවේ අනාගත තොරතුරු එතන දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් මෙතන සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති කරනවා. මේ හැම තැනකම අපි පොදුවේ වැඩ කරගෙන යනකොට අපට තිබෙන ප‍්‍රශ්න, මාර්ගයක් හදන්න ගියහම වතුර නල අහුවෙනවා, විදුලි පද්ධතියට හානි වෙනවා. නමුත් අලූත් ජියෝ ඉන්ෆෝමේෂණ් තාක්ෂණ ආයතනයෙන් අපට එවැනි අවස්ථා මග හැර ගන්න පුළුවන්. ගොවියන්ට, ඒ වගේම කාලගුණ විද්‍යාඥයින්ට, ඒ වගේම අනෙකුත් අයට තොරතුරු දෙන්න ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයට පුළුවන් වෙනවා. එය වැදගත් රාජ්‍ය ආයතනයක්  වෙනවා. ඒ වගේම මෙම ප‍්‍රදේශයේ, ජල පහසුකම්, විදුලි පහසුකම්, මාර්ග පහසුකම් මේ තුළින් දියුණු වෙනවා. ඒ නිසා මෙම ප‍්‍රදේශයට ඉදිරියට යන්න අරමුණක් ලැබෙනවා.

එදා නොබැඳි සමුළුව අවස්ථාවේදී රත්මලානේ ගුවන් තොටුපල වැඩිදියුණු කරනවාට ප‍්‍රදේශයේ ජනතාව විරුද්ධ උනා.  ඒ අනුව සිරිමාවෝ මැතිණිය කැණඩාවේ ආධාර ඇතිව කටුනායක ගුවන්තොටුපල හැදුවා. එයින් කටුනායක දියුණු උනා.  කටුනායක ගුවන්තොටපුල අසල උපාලි විජේවර්ධන මැතිතුමා නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කලා. එම ප‍්‍රදේශය දියුණු උනා. එදත් ගොඩක් අය එයට විරුද්ධ උනා. නමුත් එම ප‍්‍රදේශයට අරමුණක් ලැබුණා. කටුනායක කියන ප‍්‍රදේශයට අරමුණක් ලැබුණා. එමගින් දස දහස් ගණන්  රැකියා අවස්ථා ආදායම් ඇතිවුණා. මොරටු විශ්ව විද්‍යාලය ඇති කරනවාට ප‍්‍රදේශවාසීන් විරුද්ධ උනා. නමුත් අද එම ප‍්‍රදේශයම දියුණු උනා. කටුබැද්දට අරමුණක් ලැබුණා. විජේරාම විශ්ව විද්‍යාලය පිහිටුවනවාට විරුද්ධ උනා. නමුත් පන්සල් භූමියේ විශ්ව විද්‍යාලය බණ්ඩාරනායක මහත්මයා ඇති කළා. අද විජේරාම කිව්වම 12,000 ක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයක්. ඒ තුළින් එම මහරගම ප‍්‍රදේශයම වැඩිදියුණු වෙලා තිබෙනවා. මේ ප‍්‍රදේශයක් දියුණු කර ගන්න අරමුණක් අවශ්‍යයි.

මෙම ප‍්‍රදේශයේ සහ මාලබේ ඇතිකරන්න යන වැඩපිළිවෙලින් ප‍්‍රදේශයට පමණක් නෙමෙයි රටටම විශාල ආලෝකයක් ලැබෙනවා. එහි කොටස්කාරයෝ බවට ඔබත් පත් කරගන්න අපි කැමතියි. ඒනිසා මේ ඉඩම් කොරියාවට විකුණනවා, පිටරටවලට විකුණනවා කියලා පට්ටපල් බොරු පතුරුවනවා. ඇත්තටම කොරියානු රජයට අපි ස්තූතිවන්ත විය යුතුයි  මොකද මේ සියළු සැලසුම් කටයුතු අපට නොමිලේ කරලා දුන්නේ ඒ රජයේ උදව්වෙන්. ඊ ළඟට මේ යටිතල පහසුකම් ආදිය නංවන්න අපේ ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබෙනවා, එතුමන්ලා ණය මුදලක් අපට ලබාදෙනව කියලා. මොකද යටිතල පහසුකම් වැඩිදියුණු උනොත් තමයි ඒවා එන්නේ. අපටත් වඩා දුප්පත් කමේ සිටි කොරියාව අද අපේ හැමෝම අතේ තිබෙන සැම්සුන් ෆොන් එක, එල්.ජී. රූපවාහනිය වගේ පාරේ යන්නේ හුන්ඩායි මෝටර් රථය. මුහුදේ යන්නේ හුන්ඩායි නැව්. නමුත් 1960 දී මේ රටේ පැල්පත්වාසීන්ට කිව්වේ කොරියාව කියලා. දැන් අපේ රටේ ළමයි පොරකනවා කොරියා යන්න, 50,000 ක් රැකියාවල නියැලිලා ඉන්නවා. හිඟන මට්ටමේ සිටි කොරියාව කොහොමද ආර්ථික බලයක් උනේ ඒ විද්‍යාව තාක්ෂණය ඉදිරියට ගෙනල්ලා. ඒ අයට කවුද උදව් කළේ. ඒ අයට උදව් කළේ ජර්මනිය. ජර්මනිය උදව් කරන වෙලාවෙත් මෙහේ ඉන්න කට්ටිය වගේ ජර්මනියට රට විකුණනවා කියපු අය එහෙත් හිටියා. අද ජර්මනියට ගියහම ජර්මන් තාක්ෂණයෙන් සීමන්ස් එකේ තාක්ෂණයෙන් තමයි සැම්සොන්ග් එක හැදුනේ. බෙන්ස් තාක්ෂණයෙන් හුන්ඩායි එක හැදුණා. මේ අනුව ජර්මනියේ තාක්ෂණ උපකාරයෙන් කොරියාව බලවත් රටක් උනා.

ඉතින් කොරියාව අපට උදව් කරන්නෙත්, අපට දැනුම් දී තිබෙනවා රස්සාවලට යන ළමයි නිකං මෙහේ ඇවිත් ගෙවල් හදලා වියදම් කරන්න එපා. ඒ අයට කර්මාන්ත හදන්න උදව් කරන්න, අපිත් කැමතියි ආසියානු රටක් හැටියට ඔබට අතදෙන්න කියලා. මෙතන මොකුත් කුමන්ත‍්‍රණයක් නැහැ මිත‍්‍රවරුනි. අපේ ළමයි එහේ තිස් හතලිස් දාහක් එහි රැකියාව කරනවා නම් එහින් අම්මලා තාත්තලා මෙහේ ජීවත් වනවා නම් ඒ අය කැමතියි තවදුරටත් ඒ ළමයි සමග රටතුළ ව්‍යාපාර ඇතිකරලා ඉදිරියට යන්න. මොකද ඒ ගොල්ලන් වැටිලා සිටි වෙලාවේ ජර්මනිය උදව් කළා අපි වැටිලා ඉන්න වෙලා අපට උදව් කරන්න ඒ අය ඉදිරිපත් වෙලා ඉන්නවා යැයිද  පැවසීය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාක්ෂණ නගරයේ කිසිම ඉඩමක් බලෙන් ගන්නේ නෑ - පාඨලී.
තාක්ෂණ නගරයේ කිසිම ඉඩමක් බලෙන් ගන්නේ නෑ - පාඨලී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYOoikP_QPpDwRFEwWAEJnihpd-2zOlFXtDjc4Q6Lm6QOKhBB08zc_0dbtRQ5kFa0jceVtlEbZd3fDmX6dtfZsLus7eWORlpqpgm_6BWcspkLd56sVI6q_kTW9lHkyrNnPXOvTmAYydDHR/s1600/01+%25283%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYOoikP_QPpDwRFEwWAEJnihpd-2zOlFXtDjc4Q6Lm6QOKhBB08zc_0dbtRQ5kFa0jceVtlEbZd3fDmX6dtfZsLus7eWORlpqpgm_6BWcspkLd56sVI6q_kTW9lHkyrNnPXOvTmAYydDHR/s72-c/01+%25283%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_380.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_380.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy