ප්‍රබල රටවල් කිහිපයක තානාපතිවරුන් මැදිහත්ව ජනපතිවරයා හා අගමැතිවරයා අතර අර්බුද නිමාකර දැමීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්...
ප්‍රබල රටවල් කිහිපයක තානාපතිවරුන් මැදිහත්ව ජනපතිවරයා හා අගමැතිවරයා අතර අර්බුද නිමාකර දැමීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදීව ආසියාවේ ඉහලට එසවෙමින් තිබෙන රට ලංකාව බවත්, දේශපාලන සාක්ෂරතාව අවම මට්ටමක සිටින මෙරට වැසියන් විසින් පළාත් පාලන මැතිවරණයකදී ලබාදුන් ජනවරමක් පදනම්කරගනිමින් දෙපාර්ශවය බේද බින්නවීම අඥානකමක් බවත් තානාපතිවරු පෙන්වා දී තිබේ.
කෙසේවුවද, ජනතා මතය සම්පූර්ණයෙන්ම පසෙක දැමිය නොහැකි බවද පෙන්වා දී ඇති ඔවුන්, රටේ සංවර්ධනයට නාස්තිය හා දූෂණය පිටු දැකිය යුතු බවද පෙන්වා දී තිබේ.
කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් !
යහපාලන ආණ්ඩුව බිඳවැටීම කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කළ හැකි බවද ඔවුන් පෙන්වා දී ඇති බව පැවසේ.
එසේ ජනතාව උසි ගැන්වීම සඳහා රාජපක්ෂ ආණ්ඩු සමයේදී රට ණය සාගරයක පැටලූ ප්‍රබල රටක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ඒවාට හසු නොවීමට බුද්ධිමත් වන්නැයි ද තානාපතිවරු පවසා ඇතැයි වාර්තා වේ.
ඇමති මණ්ඩලයට දැනෙන වෙනසක්
ඒ අනුව අගමැතිවරයා හා ජනපතිවරයා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයේ විශාල වෙනස්කම් තොගයක් කරමින් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට එකඟවී ඇති බව පැවසේ.
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන අමාත්‍යවරු, ජාතික ලයිස්තු අමාත්‍යවරුන් හා අකාර්යක්ෂම අමාත්‍යවරුන් අදාළ ධුරවලින් ඉවත් කිරීමට ද සැලැසුම්කර ඇති බවද වාර්තා වේ.
COMMENTS