උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඔහුගේ නිල නිවසේ ඇති සියලුම භාණ්ඩ ගණනය කොට බාර ගැනීමේ කටයුතු ආරම්භ කරන මෙන් පෙරේදා (02) උතුරු පළාත් අමාත්‍ය...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඔහුගේ නිල නිවසේ ඇති සියලුම භාණ්ඩ ගණනය කොට බාර ගැනීමේ කටයුතු ආරම්භ කරන මෙන් පෙරේදා (02) උතුරු පළාත් අමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
තමන් මේ නිල නිවසේ භාණ්ඩ බාර ගන්නා ලද අවස්ථාවේ වූ භාණ්ඩ ලේඛණයත් දැනට ඇති භාණ්ඩ වල ලේඛණයත් සසදා බලමින් ඒවා බාර ගන්නා මෙන් ඉල්ලා තිබේ.
තමන් බාර ගත් ලේඛණයේ භාණ්ඩ වලට අමතරව නිල නිවසේ භාණ්ඩ රැසක් ඇති බවත් ඒවා ප්‍රධාන අමාත්‍යවරයාට සිහිවටන හා ත්‍යාග වශයෙන් ලැබුණු ඒවා බවත් ප්‍රකාශ කොට ඇති ප්‍රධාන අමාත්‍යවරයා ඒවා තමන්ට අයත් නොවන බවද පවසා තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ ලබන ඔක්තෝබර් 25 වෙනිදායින් තම ධුර කාලය අවසන් වන නිසා භාණ්ඩ බාර ගැනීමේ කටයුතු දැන්ම ආරම්භ කිරීම වඩා පහසු බවයි.
ප්‍රධාන අමාත්‍යවරයා තම නිල නිවසේ භාණ්ඩ බාර ගන්නා මෙන් දැණුම් දී ඇත්තේ මීට දින දෙකකට පෙර මීළග වතාවේත් අනිවාර්යෙන්ම තමන් උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා වන බවට ප්‍රකාශයක් කිරීමෙන් පසුවය.
(දිනසේන රතුගමගේ)
COMMENTS