දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ලංකාවේදී මත්තල ඉන්දියාවට දෙන එකට විරුද්ධ අය ඉන්දියාවේ නායකයින්ට ඒකට විරුද්ධ නෑ කියා ප්‍රකාශ කරනවා“
Homeප්‍රවෘත්ති

“ලංකාවේදී මත්තල ඉන්දියාවට දෙන එකට විරුද්ධ අය ඉන්දියාවේ නායකයින්ට ඒකට විරුද්ධ නෑ කියා ප්‍රකාශ කරනවා“

PropellerAds

ලංකාවේදී මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට දෙන එකට විරුද්ධව කෑ ගහන අය ඉන්දියාවේ නායකයෝ මුණගැහිල ඒකට විරුද්ධ නෑ කියලා ප්‍රකාශ නිකුත් කරන බව රාජ්‍...

පාකිස්ථාන නිල වෙබ් අඩවියෙන් ඉන්දියාවේ ජාතික ගීය..!
ලොතරැයි මණ්ඩලය රවීට පැවරීමට, නීතිපති ඇතුළු පිරිසට නොතීසි.
නාමල්ගේ මස්ටැංග් එක ගැන “ඩේලිමිරර්” පුවත බොරුවක්?
“ලංකාවේදී මත්තල ඉන්දියාවට දෙන එකට විරුද්ධ අය ඉන්දියාවේ නායකයින්ට ඒකට විරුද්ධ නෑ කියා ප්‍රකාශ කරනවා“

ලංකාවේදී මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට දෙන එකට විරුද්ධව කෑ ගහන අය ඉන්දියාවේ නායකයෝ මුණගැහිල ඒකට විරුද්ධ නෑ කියලා ප්‍රකාශ නිකුත් කරන බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ මහනුවර නාගරික මන්ත්‍රී රාජා පුෂ්පකුමාර මහතාගේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද (17) දින එක් වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මහින්ද රාජපක්ෂ වසර 10ක් රට පාලනය කරලත් මහනුවරට කිසිම දෙයක් කළේ නැහැ. එ් අය 2015 ආණ්ඩුව දාල ගියේ කරන්න බැරි හින්දයි. මිනිස් ඝාතන, අතුරුදහන් කිරීම් ගැන වසර 3ක් අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවට විරුද්ධව යෝජනා සම්මත වුනා. අපේ රට තිබුණේ ආර්ථීක සම්භාධක අබියස. ඒ අයට ආර්ථීකය මෙහෙයවාගන්න බැරිවුනා. එහෙම දාල ගිය අයයි දැන් බලය ඉල්ලන්නේ. බලය ඉල්ලූවට මේ අයට සැලැස්මක් නැහැ. බල කාමය පමණයි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ලංකාවේ ඉඳලා මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දෙන එකට විරුද්ධයි කියලා කෑ ගහනවා. ඉන්දියාවට ගිහින් ඒ නායකයින් මුණගැහිලා මේක දෙන එකට විරුද්ධ නෑ කියලා නිවේදන නිකුත් කරනවා. දේශපාලන වාසි වාසි ගන්න මේ අයගේ දෙබිඩි පිලිවෙත් තියෙන්නේ. මීලඟ ජනාධිපතිවරණයටත් ශක්තිමත්ව මුහුණ දීලා අපේ රජය 2025 දක්වා රැගෙන යන්න කටයුතු කරනවා.
අපි රට බාර අරගෙන අවුරුදු 3ක් ණය ගෙව්වා. සත පහක ආදයමක් නැතුව මහින්ද රාජපක්ෂ හැදුව මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, පෝට් සිටිය වෙනුවෙන් අද අපි ණය ගෙවනවා. මේ අවුරුද්දේ ට්‍රිලියන 1.9ක් ණය සහ පොළිය වශයෙන් අපට ගෙවන්න තියෙනවා. මේ රජය නිවැරදිව ආර්ථීකය මෙහෙය වූ නිසා මේ ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ණය ටික ටික අවසන් වෙද්දි ඒ අය බලය ඉල්ලනවා.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අද රාජ්‍ය බැංකු ගමට අරන් යනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ හැකියාව අනුව ණයක් ගන්න පුළුවන්. මොණරාගල පැවති වැඩසටහනේදී 2500 දෙනෙකුට ණය ලබාදෙන්න අපට හැකි වුනා. මහනුවරත් ඒ ආකාරයේම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
මහින්ද රාජපක්ෂ අධිවේගී මාර්ග ඉදිකරන විට සියළු කොන්ත්‍රාත් ලබාදුන්නේ විදේශීය සමාගම්වලට. කටුනායක, දකුණ අධිවේගී මාර්ගවල කිසිඳු ඉදිකිරීමක් දේශීය සමාගම්වලට ලබාදුන්නේ නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් අදියරක් හෝ දේශීය ඉදිකිරීම් කරුවන් මඟින් ඉදිකිරීමේ අදහස ඇමතිවරයා ලෙස මට තිබුණා. ඒ අනුව මුලින් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඉදිකිරීමට නියමිතව තිබූ කි.මී.40ක් දිග එහි දෙවන අදියර ලාංකීය ඉදිකිරීම් කරුවන් 16 දෙනෙකු හට පිරිනමන්නට අපි තීරණය කලා. ඒ අනුව අපේ රටේ ඉදිකිරීම් කරුවන් විසින් ඉදිකිරීම් සිදුකරන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ඉතාමත් කඩිනමින් අවසන් වෙමින් පවතිනවා. එළඹෙන අගෝස්තු මාසය වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කටුනායක සිට මීරිගමටත් මීරිගම සිට කුරුණෑගල හරහා මහනුවරටත් නව මාර්ගයක් ඉදිරියේදී විවෘත වෙනවා. ඒ සමඟින් පලාතේ විශාල දියුණුවක් ඇති වෙනවා වගේම ඉඩම් වල වටිනාකමත් අති විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. නමුත් විදේශීව සමාගම් මඟින් සිදුකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ තෙවන අදියරේ ඉදිකිරීම් තවමත් සිදුවන්නේ ඉබිගමනින්.‍ ඒ වගේම වසර ගාණක් මුල්ගල් පහක් තියමින් මඟහැරපු හල්ලොලූව පාලම මේ වනවිට ජනතා අයිතියට පවරලා තියෙනවා. මහනුවර නඟරයේ තදබදය අවසන් කිරීමේ අරමුණින් තැන්නේකුඹුරේ සිට සුදුහුම්පොල දක්වා උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තියෙනවා. කොරියානු රජය මෙම උමඟ ඉදිකිරීමට ඉතාමත් කැමැත්තෙන් ඉන්නේ. මේ වසර 3ට ඉතාමත් විශාල වැඩකොටසක් අපේ රජය සිදුකර තිබෙනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ලංකාවේදී මත්තල ඉන්දියාවට දෙන එකට විරුද්ධ අය ඉන්දියාවේ නායකයින්ට ඒකට විරුද්ධ නෑ කියා ප්‍රකාශ කරනවා“
“ලංකාවේදී මත්තල ඉන්දියාවට දෙන එකට විරුද්ධ අය ඉන්දියාවේ නායකයින්ට ඒකට විරුද්ධ නෑ කියා ප්‍රකාශ කරනවා“
http://am.lk/media/k2/items/cache/0d4e782c4d30eeb95541f1043ceac66a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_289.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_289.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy