දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද වැදුණු දෙපාර්ශවයටම පොදු සමාවක් දිය යුතු බව පාඨලී කියයි
Homeප්‍රවෘත්ති

යුද වැදුණු දෙපාර්ශවයටම පොදු සමාවක් දිය යුතු බව පාඨලී කියයි

PropellerAds

යුද අභිමථාර්ථ සාධනය කරගැනීමට මැදිහත් වූ සෑම කෙනෙකුටම ජාතික පොදු සමාවක් ලබාදෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණව...

කොළඹ ආරක්ෂාව තර කරයි! අරගලකරුවන් පිරිසක් යළි කරළියේ! සත්‍යග්‍රහයකුත් අරඹයි
ඩිලාන් නිදහස් දිනේට කළු කොඩි උස්සන්න ලෑස්ති වෙන්නේ ඇයි? හේතු ටික මෙන්න (VIDEO)
ඡන්දය මාර්තු 9 තියෙනවා! ලෑස්ති වෙන්න! කොළඹට ගෙන්වූ ආසන සංවිධායකවරුන්ට බැසිල් දැනුම් දෙයි!
යුද වැදුණු දෙපාර්ශවයටම පොදු සමාවක් දිය යුතු බව පාඨලී කියයි

යුද අභිමථාර්ථ සාධනය කරගැනීමට මැදිහත් වූ සෑම කෙනෙකුටම ජාතික පොදු සමාවක් ලබාදෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම පුද්ගලයන්ට සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට මුසුවීමට අවස්ථාව ලබාදීමට ප්‍රමුඛ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා  ප්‍රකාශ කළේය.

මෙවැනි ජාතික පොදු සමාවක් ලබාදීමට ආණ්ඩුවේ පක්ෂ, විපක්ෂයේ පක්ෂ, දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ සහ දේශීය / විදේශීය පිරිස් එකඟතාව පළකළ පසු නැවත මෙම ප්‍රශ්නය ගැන කතා නොකළ යුතු බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

ඉන්පසුව සිංහල, දෙමළ මුස්ලිම් සංවිධාන යුද්ධය කාලයේ වුණු සිදුවීම් ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා අනාගතය නිර්මාණය කරගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රශ්නය තවදුරටත් ගෙනයෑමෙන් ජාතීන් අතර තුවාලය පෑරෙනවා මිසක සමාජයට කිසිදු සුගතියක් නොලැබෙන බවත්, එය විසඳීම සඳහා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, සියලුම දේශපාලන පක්ෂවලට, ජාතික ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට කරුණු 05ක් යෝජනා කරන බවත් රණවක මහතා කීය.

දැනට අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන්, යුද හමුදාවේ සාමාජිකයන්, ආරක්ෂක අංශවලට සහාය දුන් දෙමළ පිරිස් අතින් යුද්ධයේ අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමේදී සිදු වූ අපරාධ මොනවාද, පෞද්ගලික අභිමථාර්ථ ඉෂ්ට කරගැනීමට ගිය අපරාධ මොනවාද කියා වර්ගීකරණයක් කළ යුතු බවත්, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විශේෂඥයන්ගේ සහාය ලබාගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

යුද අභිමතාර්ථ සාධනය කරගැනීම සඳහා දායක වී දැනට අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග කටයුතු කළ දෙමළ සංවිධානවල සාමාජිකයන්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සඳහා පොදු සමාවක් දී නිදොස් කොට සමාජයට මුදාහැරිය යුතු බවද ඔහු පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද වැදුණු දෙපාර්ශවයටම පොදු සමාවක් දිය යුතු බව පාඨලී කියයි
යුද වැදුණු දෙපාර්ශවයටම පොදු සමාවක් දිය යුතු බව පාඨලී කියයි
http://am.lk/media/k2/items/cache/e171ee53dcce2a467efca9dba01e84a1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_197.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_197.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy