ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් ශ්‍රි ලංකා හමුදාවට සිදු වූ අපකිර්තියෙන් ගලවා ගැනීම සදහා රටට එල්ල වී ඇති චෝදනා සම්බන්ධය...
ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් ශ්‍රි ලංකා හමුදාවට සිදු වූ අපකිර්තියෙන් ගලවා ගැනීම සදහා රටට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ අද(14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.
ලබන 25 වනදා මෙම යෝජනාවලිය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාව මගින් ජාතයන්තර යුධ අධිකරණයක් සදහා ඉදිරිපත් ව තිබෙන යෝජනාව පහසුවෙන්ම නිෂ්ප්‍රභ වනු ඇති අතර ඒ අනුව මෙම යෝජනාවලිය මගින් දෙමල ඩයස්පෝරාව මෙන්ම ශ්‍රි ලංකාව පාර්ශ්වයත් පිළිගත හැකි මධ්‍යස්ථ යෝජනාවලියක් ද වනු ඇතැයි වාර්තා වේ.
ඊට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇය ට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
COMMENTS