අ ද (13) දිනයේ බරපතල ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක ප්‍රධානීන් අවධාරණය කරති. ආරක්ෂ...
අද (13) දිනයේ බරපතල ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක ප්‍රධානීන් අවධාරණය කරති.
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේ කිසියම් තොරතුරක් වෙතොත් ජනතාව බිය ගැන්වීමකින් තොරව ඒවා ආරක්ෂක අංශ වෙත ලබාදිය යුතු බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අවධාරණය කළේ එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ තහවුරු කර නොමැති බවයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.
අද (13දා) ආරක්ෂාව තහවුරු කර ඇති බවත් එදින ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට වාර්තාවන තොරතුර තහවුරු නොකළ තොරතුරක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා එහිදී පැවැසීය.
“13 දා පිළිබඳව තහවුරු නොකළ තොරතුරක් ලැබුණා. පළමු කරුණ ලැබුණ කිසිම තොරතුරක් බැහැර කරන්නේ නෑ. ඒ ගැන උපරිම ලෙස කටයුතු කරනවා. දෙවැනි කරුණ මේ ප්‍රසිද්ධියට පත්කළ මේ තොරතුර බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තහවුරු නොකළ තොරතුරක්. අපි උපරිම ආරක්ෂාව ලබාදී තිබෙනවා. බිය වෙන්න අවශ්‍යතාවක් නෑ.” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එළඹෙන 13 වැනිදා දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා පාර්ලිමේන්තුවේ දී 10 වැනිදා කියා සිටියේය.

COMMENTS