ඒකාබද්ධ විපක්ෂය කොළඹට කොච්චර සෙනඟක් ගෙනාවත් බියක් නැති බවත් වඩා දෙගුණයක් සෙනඟ කොළඹට ගෙනල්ලා පෙන්වන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ.සී.අ...
ඒකාබද්ධ විපක්ෂය කොළඹට කොච්චර සෙනඟක් ගෙනාවත් බියක් නැති බවත් වඩා දෙගුණයක් සෙනඟ කොළඹට ගෙනල්ලා පෙන්වන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා පැවසිය.
ඒ ඊයේ (05) පාර්ලිමේන්තුවේදීය.
අලවතුවල මහතා මේ බව පැවැසුවේ තැපැල් කාර්යාල ආඥා පනත යටතේ ව්‍යවස්ථා පිළිබඳ විවාදයේදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මෙයාලා කොළඹට සෙනඟ ගෙනාවේ අල්ලස් දීලයි.මත්පැන් අරක්කු බෙදලයි.සෙනඟ පෙන්නලා බලය ගන්න බැහැ.හිටපු පාලකයින් කරපු දේවල් ජනතාවට අමතක නැහැ.මහින්ද අද හැම පෝයටම සිහින දකිනවා.ජනතාවට ජයග්‍රහණ දුන්නේ යහ පාලන ආණ්ඩුවයි.මේ ආණ්ඩුව පෙරළන්න ශක්‍රයාටවත් බැහැ.
COMMENTS