දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණු ආසියාවේ විශාලම ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානය : ජනවාරියේ.
Homeගොසිප්

දකුණු ආසියාවේ විශාලම ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානය : ජනවාරියේ.

PropellerAds

දකුණු ආසියාවේ විශාලතම ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානය ජනවාරි පළමු වැනිදා කොරියන් ආධාර යටතේ ඔරුගොඩවත්තේ දී ආරම්භ කරන බව විද්‍යා, තාක්ෂණ, පර...

වයස 11 දී බීසීඑස් පාස්වූ භාෂා 5 ක් කථාකරන වශින්‍යා ජනපති හමුවේ
ඔලිම්පික් දිනා ගමට ආ සක්ෂි ගම්මුන් පිළිගත් හැටි
ජපානයේදී රෝගීවූ ශලනි තාරකා රෝහල් ගතවේ


දකුණු ආසියාවේ විශාලතම ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානය ජනවාරි පළමු වැනිදා කොරියන් ආධාර යටතේ ඔරුගොඩවත්තේ දී ආරම්භ කරන බව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අැමැති සරත් අමුණුගම මහතා පැවසීය. ඉදිරියේ දී ඉදිකිරීම්, තොරතුරු තාක්ෂණ, සංචාරක, සෞඛ්‍ය හා සේවා සැපයීම, වාහන පිළිබඳ තාක්ෂණ දැනුම ආදී ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා පුහුණුව ලබා දීමට අදාළව වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීවේ ය.

ඒ අනුව කෘෂි තාක්ෂණික දැනුම ලබා දීම සඳහා හසලක කාර්මික විද්‍යාලයේ කෘෂි නිෂ්පාදන තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව මේ මස 14 වැනිදා ආරම්භ කරන බවත් අැමැතිවරයා කීවේය. මෙම හසලක කාර්මික මධ්‍යස්ථානය කෘෂිකර්මය හා ඊට අනුබද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කරන බවත් නිපුණතා විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල ආයතනයක් බවට පත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේ ය.

හසලක අක්කර 14 ක පමණ භුමී ප්‍රමාණයෙන් අක්කර 10 ක පමණ ප්‍රමාණයක වන වගාව සිදු කරන්නට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කෙළේ ය.

අැමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (11) විද්‍යා , තාක්ෂණ , පර්යේෂණ , නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.එම අවස්ථාවට විද්‍යා , තාක්ෂණ , පර්යේෂණ , නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අැමැති කරුණාරත්න පරණවිතාන මහතා , අමාත්‍යංශ ලේකම් සන්ධ්‍යා විජය බණ්ඩාර මහත්මිය , කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන් ඇතුළු එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි සභාපතිවරු සහභාගී වුහ.

රජයේ විශ්වවිද්‍යාල සඳහා 30 000ක පමණ සිසුන් ප්‍රමාණයක් බවත් තාක්ෂණික විද්‍යාල සඳහා මේ වන විට 30 000 ක පමණ ළමුන් ප්‍රමාණයක් පමණ බඳවා ගැනීම සිදු කර ගන්නා බවත් එය 50 000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී අැමැතිවරයා කීවේ ය.

ලක්ෂයක් , ලක්ෂ එකහාමාරක් පමණ රැකියා වෙළඳපොළට පැමිණෙන බවත් ඒ අය සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීම සිදු කළ යුතු බවත් ඒ මහතා පැහැදිලි කෙළේ ය.

එහිදී අැමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේ ය.හසලක ආරම්භ කරන තාක්ෂණික මධ්‍යස්ථානය හරහා බදුල්ල , අම්පාර , මාතලේ , හසලක යන දිස්ත්‍රික් 04 මූලික කරගෙන එම ප්‍රදේශ වල දරුවන්ට කෘෂි තාක්ෂණීක දැනුම ලබා දීමට හැකි වෙනවා.යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම පිළිබඳ දැනුම තරුණ තරුණියන්ට ලබා දෙනවා. දැනට මෙම තාක්ෂණීක පුහුණුව දඹුල්ල , කුලියාපිටිය , දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශ වල පිහිටි ආයතන මඟින් ලබා දීම සිදු කරනවා.මෙම පාඨමාලාව NVQ 1- 7 දක්වා ලබා දීම සිදු කරනවා.ඒ හරහා මෙම ක්ෂේත්‍රයේ උපාධි ලබා ගැනීමේ මට්ටම දක්වා වර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා.

අතිරික්ත අස්වැන්න ගබඩා කිරීම සඳහා පසු අස්වනු තාක්ෂණයට(post harvest technology) යා යුතුයි.පෙරට වඩා අස්වැන්න අද වැඩිපුර ලැබෙනවා.වාරිමාර්ග පහසුකම් ලබා දුන් වියළි කලාපයේ කෘෂි නිෂ්පාදනය වැඩි කරන්නට අප අමාත්‍යංශය ඉදිරිපත් වී තිබෙනවා.එමඟින් වියළි කලාපයේ කෘෂී නිෂ්පාදන වලින් පමණක් ලංකාවේ අස්වැන්න ලබාගන්නට පුළුවන්.අවශ්‍ය සියලුම සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්නනට පුළුවන්.

තෙත් කලාපයේ නිෂ්පාදනය අඩු යි. ඒ පිළිබඳවත් සොයා බලන්නට සිදු වෙනවා.එයට විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය යි.තාක්ෂණික අධ්‍යාපනය පුහුණු කිරීමට අවශ්‍ය යි.

අද ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙම රැකියා අවස්ථා සඳහා ලංකාවේ ශ්‍රමිකයන් නොපැමිණෙන බවක් තිබෙනවා. අපේ රටේ ශ්‍රමිකයන්ගේ නිෂ්පාදන ධාරිතාවයේ අඩුකමක් ද තිබෙනවා. නමුත් එයින් මිදීම සඳහා පරිවර්තනය වීම සිදු විය යුතුයි.

එහිදී අැමැතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළීතුරු දෙමින් මෙසේ ද පැවසී ය.

තෙල් මිල ලොකයේ ම ඉහල ගිහින් තිබෙන්නේ.ඉන්දියාවේ අයවැය පවා නැවත වරක් සකස් කරන්නට සිදු වෙලා තිබෙනවා.තෙල් මිල පාලනය වන මිල සූත්‍රය ජනතාවට එකවර තේරුම් කරන්නට බැහැ. මෙය වෙනස් වීමට මැද පෙරදිග රටවල නිෂ්පාදන, එම රටවල දේශපාලන ස්වභාවය වැනි සාධක බලපානවා. සිරියාව , ඉරාකය , ලිබියාව වැනි රටවල් අර්බුදයකට මුහුණපා තිබෙනවා. අනාගතයේ තෙල් මිල අඩු වුවහොත් අපේ රටේ තෙල් මිල අඩු කරන්නට බලාපොරොත්තු වෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණු ආසියාවේ විශාලම ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානය : ජනවාරියේ.
දකුණු ආසියාවේ විශාලම ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානය : ජනවාරියේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsncYHL6XrteYbz9-QFBPfE2C7jR-oiQjHyhyphenhyphenSD5SVR0OIz5jNh7jAdpzfQJPeb-2T6I663Oj2D8vdgxf6aBfcv2KoPrzhN-8AdumS9XKks9oZVbTjQV6EKdkrZbA04o_dpcM_-U4jjY1K/s1600/c1_1401562_180125045353_620x413.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsncYHL6XrteYbz9-QFBPfE2C7jR-oiQjHyhyphenhyphenSD5SVR0OIz5jNh7jAdpzfQJPeb-2T6I663Oj2D8vdgxf6aBfcv2KoPrzhN-8AdumS9XKks9oZVbTjQV6EKdkrZbA04o_dpcM_-U4jjY1K/s72-c/c1_1401562_180125045353_620x413.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_108.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_108.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy