රුපියල් ලක්ෂ හයහමාරක් බැගින් වටිනා පුටු 125ක් මිලදී ගැනීම හේතුවෙන් දැඩි ලෙස කතාබහට ලක්වූ බස්නාහිර පළාත් සභාවේ නව සභා ගැබෙහි ප‍්‍රධාන දොර ස...
රුපියල් ලක්ෂ හයහමාරක් බැගින් වටිනා පුටු 125ක් මිලදී ගැනීම හේතුවෙන් දැඩි ලෙස කතාබහට ලක්වූ බස්නාහිර පළාත් සභාවේ නව සභා ගැබෙහි ප‍්‍රධාන දොර සඳහාද රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැයකිරීම සම්බන්ධව මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා මෙම විශේෂ දොර සම්බන්ධයෙන් මේ වනවිටත් මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතාගෙන් ප‍්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
එම දොර සම්බන්ධයෙන් මහ ඇමතිවරයාගෙන් නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණු බැවින් ලිඛිත පැනයක් ලෙසද එය එළඹෙන සභාවාරයේ න්‍යාය පුස්තකයටද ඇතුළු කර ඇත.
මෙලෙස අධික වියදමක් යොදා නිමවා ඇතැයි කියන පළාත් සභා ගර්භයේ දොරටුව පාලිම්නේතුවේ ප‍්‍රධාන දොරටුවට සමාන ලෙස ඉදිකළ රන් පැහැයෙන් යුත් දැවැන්ත දොරටුවක් වන බවත් එය කෝට්ටේ යුගයේ කැටයම් යොදා අලංකාර කර ඇති බවත් දැනගන්නට ඇත.
මහ ඇමැතිවරයා මෙම දොර සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම මගහරින බව ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ප‍්‍රකාශ කරයි.
COMMENTS