හෝමාගම, හබරකඩ, අමුහේන්කන්ද ශ්‍රී ධර්මරාජ විහාරස්ථාන භූමියේ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සලකුණක් සහිත ගල්තලාවක් සොයා ගෙන තිබේ. එම...
හෝමාගම, හබරකඩ, අමුහේන්කන්ද ශ්‍රී ධර්මරාජ විහාරස්ථාන භූමියේ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සලකුණක් සහිත ගල්තලාවක් සොයා ගෙන තිබේ.
එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් එම සලකුණ පිළිබදව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය දැනුවත් කර ඇති අතර, පසුව ඔවුන් එම සලකුණ පිළිබඳව පරීක්ෂා කිරීම් සිදුකර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යාව පිළිබද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසූවේ අඩි 150 ක් පමණ උස එම ගල් තලාවේ අඩි නවයහමාරක් උස, අඩි 6 ක් පමණක් පළල නාගයින් දෙදෙනෙකුගෙන් සලකුණක් සොයා ගත් බවයි.
එය මීට වසර 200 ත් 400 ත් අතර කාලසීමාව තුළ භූමි සීමාවන් දැක්වීමේදී භාවිතා කරන ලද සංකේත සටහනක් බවට මේ වනවිට සොයා ගෙන ඇත.
මේ අතර, 4 වන බුවනෙකබාහු සහ 6 වන පරාක්‍රමබාහු රජ සමයේ ඉඩම් පරිත්‍යාග කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ‘ගොඩගම සන්නස‘ සහ ‘ඔරුවල සන්නස‘ ද සොයා ගනු ලැබුවේ මේ ආශ්‍රිත ප්‍රදේශයෙන් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS