අද උදෑසන පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතර තුර නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර උණුසුම් ව...
අද උදෑසන පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතර තුර නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර උණුසුම් විවාදයක් ඇති විය.
හම්බන්තොට ප්‍රදේශයේ තරුණයන්ට අවිධිමත් ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබාදීම සම්බන්ධව වීරවංශ මහතා යොමු කළ පැනයට විෂය භාර අමාත්‍යවරයා පිළිතුරු ලෙස ප්‍රකාශ කර සිටියේ හිටපු අමාත්‍යවරයා තම ඥාතීන් හා හිතවතුන්ට නීති විරෝධී ලෙස නිවාස ලබාදී ඇති බවයි.
එවිට නිවාස අමාත්‍යවරයාට අභියෝගයක් කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ පෙර කී නිවාස වල එකී පුද්ගලයින් පදිංචිව සිටිනවා නම් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බවයි.
ඊට පිළිතුරු ලෙස නිවාස අමාත්‍යවරයා කියා සිටියේ තමන් ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය නම් තමන්ද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. දෙපාර්ශවයෙන්ම කිහිප අවස්ථාවකදීම රිති ප්‍රශ්න මතු වූ බැවින් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට බාධා වූ අතර ගැටුම සමථයකට පත් කිරීම සඳහා කතානායකවරයා මහත් පරිශ්‍රමයෙන් කටයුතු කළේය.
එම වීඩියෝව පහතින්,
COMMENTS