දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප ජනපති අපේක්ෂක සමීක්ෂණයෙන් සජිත් පරදා කරු ඉදිරියට !
Homeප්‍රවෘත්ති

එජාප ජනපති අපේක්ෂක සමීක්ෂණයෙන් සජිත් පරදා කරු ඉදිරියට !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකයින් හා සමස්ත ජනතාව සම්බන්ධ කර ගනිමින් පැවැති සමීක්ෂණයකින් නියෝජ්...

රථවාහන වැරදි 35ක ඉහල දැමූ යෝජිත දඩ මුදල් මෙන්න
නල්ලතන්නියේ උද්ඝෝෂණයක් (PHOTOS)
ඇමති රිෂාඩ්ගේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
ක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකයින් හා සමස්ත ජනතාව සම්බන්ධ කර ගනිමින් පැවැති සමීක්ෂණයකින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පරදවා කථානායක කරු ජයසූරිය සියයට දහයකට ආසන්න ප්‍රතිශතයකින් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

කරු ජයසූරිය සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා ජාතික සංවිධායක නවීන් දිසානායකට සියයට පනහකට ආසන්න ප්‍රමාණයක ප්‍රසාදයක් හිමිව ඇත.

පාඨලී චම්පික රණවක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා කැමැත්ත පළ කර ඇත්තේ සියයට හතළිහකට වැඩි පිරිසකි.

එහෙත් ඇමැති රනිල් වික්‍රමසිංහට හිමිව ඇත්තේ සියයට තිහකටත් අඩු ප්‍රමාණයකි.

ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, මංගල සමරවීර යන ඇමැතිවරුන්ට හිමිව ඇත්තේ සියයට විස්සත් සියයට දහයත් අතර ප්‍රමාණයකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා ශිෂ්‍යයන්ගෙන් සමන්විත සමීක්ෂණ කණ්ඩායමක් මගින් ආචාර්යවරුන් පිරිසක් සිදුකළ සමීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය සතියේ එළිදක්වා ඇත. මෙම සමික්ෂණය එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයකුගේ වුවමනාවක් මත සිදුවූවක් බව වාර්තා වේ. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සාමාජිකයන් 2500කට වැඩි පිරිසක් එහි නියැධිය ලෙස යොදාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුරාධපුරයෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කළ බවට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර පැවැති කැබිනට් රැස්වීමේදී පැවසුවේ සිය බලාපොරොත්තුව විපක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය තරුණ නායකයකුට ලැබෙන බවටයි. එසේ වුවහොත් තමන්ගේ සහායද ඔහුට හිමිවන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

කරු ජයසූරිය 58%
සජිත් ප්‍රේමදාස 49%
නවීන් දිසානායක 46%
පාඨලී චම්පික 45%
රනිල් වික්‍රමසිංහ 25%
ලක්ෂ්මන් සෙනෙවිරත්න 20%
රාජිත සේනාරත්න 18%
මංගල සමරවීර 10%


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප ජනපති අපේක්ෂක සමීක්ෂණයෙන් සජිත් පරදා කරු ඉදිරියට !
එජාප ජනපති අපේක්ෂක සමීක්ෂණයෙන් සජිත් පරදා කරු ඉදිරියට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtpLTgu1quT3FX5g_iHC1BRUfztSa9QiWGqrS1vY5jGq-nHZTD2gwMbquI2Tml1dUohzRPJaZhfiPE3wNJlBuqsyyulj9ZPY_30SuRBYG_NDIg_mHsHbnUL6WlIXg4wj8s1t80w8lDEoT3/s320/unp.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtpLTgu1quT3FX5g_iHC1BRUfztSa9QiWGqrS1vY5jGq-nHZTD2gwMbquI2Tml1dUohzRPJaZhfiPE3wNJlBuqsyyulj9ZPY_30SuRBYG_NDIg_mHsHbnUL6WlIXg4wj8s1t80w8lDEoT3/s72-c/unp.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_720.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_720.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy