දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරමින් ජනධිපතිතුමා කිව්ව තේරවිල්ල [Video]
Homeගොසිප්

වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරමින් ජනධිපතිතුමා කිව්ව තේරවිල්ල [Video]

PropellerAds

ගොවි ජන ජීවිත සමග ගැටගැසුණු දුක්ඛිත කතාවන් අවසන් කරමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පුළුල් වැඩකොටසක් අද ඉටු වෙමින් පවතින බව ජනා...

චීනයට පාවාදුන් LNG ටෙන්ඩර් මගඩියට එරෙහිව පාරිභෝගිකයන් පෙරට.
චීනයේ “කුන්මින්” ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්.
විපක්‌ෂනායකවරයාගේ ගේට්ටුවේ සල්ලි මල්ලක්.



ගොවි ජන ජීවිත සමග ගැටගැසුණු දුක්ඛිත කතාවන් අවසන් කරමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පුළුල් වැඩකොටසක් අද ඉටු වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (24) පොල්පිතිගමදී එක්වෙමිනි.

මේ අතර එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සනිටුහන් කිරීම ද අද දින පොල්පිතිගම කුඹුකුලාව වැව පරිශ‍්‍රයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව පොල්පිතිගම මහජන ක්‍රීඩාංගණයේ දී ගොවි ජනතාව අමතමින් ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ද අවධානයට ලක්ව තිබේ.


කෙසේ නමුත් මෙහිදී ගොවි ජනතාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මහපොළව සමග පොරබදිමින් දහදිය මහන්සියෙන් ගොවිතැන් බත් කර රටට බත සපයන මෙරට ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ මනා අවබෝධයක් තමා තුළ පවතින බවයි.

රටේ ගොවී ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වූ ජල ගැටලුවට ද අද වේගවත් වැඩපිළිවෙළක් ඔස්සේ විසඳුම් ලැබෙමින් තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා ගොවියාට වී සඳහා ඉහළ මිලක් ලබාගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් අද ප‍්‍රධාන දායකත්වයක් ලබාදෙමින් තිබෙන බව කියා සිටියේය.

මහවැලි ජලය වයඹට හරවන වයඹ ඇළ ව්‍යාපෘතිය මගින්, ජල හිඟය හේතුවෙන් මහත් කටුක දිවි පෙවෙතකට හිමිකම් කියූ වයඹ ජනතාවගේ ජීවන රටාව සම්පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පසුගිය වසර කිහිපයේ රටේ සිදුවූ පරිසර විනාශය හේතුවෙන් අත්විඳීමට සිදුව ඇති අහිතකර ප‍්‍රතිඵලයන් පිළිබඳව ද අදහස් දැක්වීය. කාලගුණික, දේශගුණික විපර්යාස පිළිබඳ පවතින අයහපත් තත්ත්වයන්වලදී ලොව රටවල් අතර 04 වන ස්ථානයට අද ශ‍්‍රී ලංකාව පත්ව ඇති බව නවතම වාර්තා මගින් පෙන්වා දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා මීට වසර 50 කට පෙර එම වාර්තා තුළ 97 වන ස්ථානයේ පැවති ශ‍්‍රී ලංකාව අද මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ විවිධ ජාවාරම්කරුවන් රට තුළ සිදුකරන දැවැන්ත පරිසර විනාශය හේතුවෙන් බව ද පෙන්වා දුන්නේය. මහපොළව කාන්තාරයක් බවට පත්ව හෙට උපදින දරු පරපුරට ජල බිඳක් සොයායාමට සිදුවන එම ඛේදනීය ඉරණම පිළිබඳ පරිසර විනාශයන්ට දායකවන සියලුදෙනා වගකිව යුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

මහවැලි මහ සැලැස්ම තුළ පවා අන්තර්ගතව නොතිබූ යෝධ සංවර්ධන කි‍්‍රයාවලියක් කරළියට ගෙන එමින් වයඹ ජනතාවගේ පානීය හා කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා මහවැලි ජලය වයඹට යොමු කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ 2016 වසරේදී ආරම්භ කෙරිණි. ඒ වසර 50කටත් අධික කාලයක් වයඹ ජනතාව දකිමින් සිටි සිහිනයක් මල් ඵල ගන්වමිනි.

මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු මහවැලි ජලය අක්කර අඩි 105,000 ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප‍්‍රදේශයට ලබාදීමට කටයුතු කෙරේ. ඒ අනුව පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව සහ අඹන්පොළ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වගාබිම් යල මහ දෙකන්නයේම කිසිදු අපහසුතාවයකින් තොරව වගා කිරීම සඳහා ජලය සැපයෙනු ඇති අතර ඊට අමතරව එම ප‍්‍රදේශවාසී ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවන් ද සපුරාලනු ඇත.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය යටතේ වගා බිම් හෙක්ටයාර් 12,500 ක් සංවර්ධනය වනු ඇති අතර ගොවි පවුල් 13,000 ක් සඳහා අවශ්‍ය වාරි ජලය ද එමඟින් සපයනු ඇත. ඊට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් ලබාදෙන පානීය ජල යෝජනා ක‍්‍රම සැලසුම් සලකා බැලීමේදී ඒ මගින් ප‍්‍රතිලාභ ලබන සම්පූර්ණ පවුල් සංඛ්‍යාව 40,000 ක් පමණ වනු ඇත. ඒ සමගම වයඹ හා මධ්‍යම පළාත්වලට අයත් මී ඔය, හක්වටුණා ඔය හා කලා ඔය ද්‍රෝණිවලට අයත් කුඩා වැව් 315කට ද ප‍්‍රධාන වැව් 08 ක් සඳහා ද මහවැලි ජලය යොමුකරනු ලැබේ. ඒ සඳහා ඉදිකෙරෙන ප‍්‍රධාන ඇළ පද්ධතිය දිගින් කි.මි 92 කි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දැඩි අධිෂ්ඨානය හේතුවෙන් යථාර්ථයක් බවට පත් වූ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර සපයනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව සහ ශ‍්‍රී ලංකා රජය විසිනි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2019 වසරේදී අවසන් කිරීමට නියමිත අතර දෙවන අදියර සම්පූර්ණ කිරීමට නියමිතව ඇත්තේ 2024 වසරේදීය.

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු, වියළි කලාපය තුළ මේ වන විට අකී‍්‍රය වී ඇති එල්ලංගා වැව් පද්ධතින් නැවත ප‍්‍රතිසංස්කරණය කර එම ප‍්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹූ ව්‍යාපෘතියකි.

වැවකට වැවක් සම්බන්ධ කෙරෙන එල්ලංගා වැව් පද්ධතිය ශ‍්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණ ක‍්‍රමවේදයක් වන අතර එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස එය හඳුනාගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවට අනන්‍ය වූ මෙම සම්ප‍්‍රදායික කෘෂි තාක්ෂණික ක‍්‍රමවේදය මගින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවා තිබේ.

මේ යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 300 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ජනාධිපතිතුමා සහ ගොවි ජනතාව අතින් පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග එම වැඩපිළිවෙළේ සමාරම්භය සනිටුහන් කෙරිණි.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර වයඹ ඇළ දෙවන අදියර කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප‍්‍රදේශවල ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් ස්ථාපිත කෙරුණු ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති 09 ක් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පවරාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, එස්. බී. නාවින්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ වයඹ පළාතේ මහජන නියෝජිතයින් රැසක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරමින් ජනධිපතිතුමා කිව්ව තේරවිල්ල [Video]
වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරමින් ජනධිපතිතුමා කිව්ව තේරවිල්ල [Video]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmdv-2F7PxJg3vrjIVXBVak9_YZlbe6GXbYn9ycDDk6A7PDrYna3lShl13eN8JrS3_LIZOx712BXDl-t6pKMi6w3rqg9Dt4MwQB8P9_EvrZ8-uwWkkYTLHfh8T5hlcNBnVwSiFzRE9ZjbE/s1600/My3+147+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmdv-2F7PxJg3vrjIVXBVak9_YZlbe6GXbYn9ycDDk6A7PDrYna3lShl13eN8JrS3_LIZOx712BXDl-t6pKMi6w3rqg9Dt4MwQB8P9_EvrZ8-uwWkkYTLHfh8T5hlcNBnVwSiFzRE9ZjbE/s72-c/My3+147+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/video_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/video_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy