දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීනයට පාවාදුන් LNG ටෙන්ඩර් මගඩියට එරෙහිව පාරිභෝගිකයන් පෙරට.
Homeගොසිප්

චීනයට පාවාදුන් LNG ටෙන්ඩර් මගඩියට එරෙහිව පාරිභෝගිකයන් පෙරට.

PropellerAds

- ඉහත සේයාරුවේ සිටින්නේ මෙම LNG ටෙන්ඩර් මගඩියේ මහා මොලකරු විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩ මහතායි. කෙරවලපිටියේ ඉදිකිරීම...

අන්තිමේදි මෛත්‍රිට බෙල්ල හිරවුණ හැටි (සිකුරාදා කාටූන්)
කැස්බෑව නිවසේ තනිව සිටි කාන්තාව මරාදමූ ඇයගේම ඥාති පුත්‍රයා සිදුකරන හෙළිදරව්ව
තීන්දුවෙන් පසු රනිල්ගෙන් ජනපතිට දැනෙන්න ට්විටර් පණිවිඩයක්



- ඉහත සේයාරුවේ සිටින්නේ මෙම LNG ටෙන්ඩර් මගඩියේ මහා මොලකරු විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩ මහතායි.

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හැර ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 50 ක අලාභයක් සහ මෙරට බලශක්ති සුරක්ෂිතතාවය බරපතළ අර්බුදයකට යොමු කරමින් චීන සමාගමක් වෙත ලබාදෙන ලෙසට එම චීන සමාගම විසින්ම කල ඉල්ලීම අනුමත කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) තීරණය කර ඇති බව අප ඔබව දැනුවත් කර සිටියෙමු.

මේ පිළිබඳව සවිස්තරාත්මක කරුණු මාධ්‍යට අනාවරණය කිරීම වෙනුවෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් ඊයේ (14) දින කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ඔවුන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරමින් මෙම කූට ක්‍රියාව පිළිබඳව තොරතුරු හෙළිදරව් කර සිටියේය.

එම නිවේදනය පහතින්,

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා 


පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා




බිලියන පනහක් රටට අහිමි වන  විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩර් මගඩිය


භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියේ දී සිදුවූ බව කියන රුපියල් බිලියන 11කට අධික මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මේ දිනවල සමාජය තුල විශාල කතා බහක් ඇතිවී තිබේ. එය මෙරට සිදුවු විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන. නමුත් පෙරකී බැදුම්කර වංචාව මෙන් තුන් ගුණයක් විශාල, එනම් රුපියල් බිලියන 50 (මිලියන 50,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් මේ වනවිට රට තුල සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කෙරවලපිටිය  ද්වි චකීය විදුලි බලාගාර ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන නව විදුලි බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩර් පටිපාටිය හිතා මතාම පමා කිරීමට කටයුතු කිරීම හරහා මෙම මූල්‍ය වංචාව සිදුකිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එක්ව කටයුතු කරමින් තිබේ. 


දීර්ඝ කාලයක් පුරා විවිධ හේතු මත පමා කරතිබූ මෙම ටෙන්ඩරය පසුගිය වසරේ අගභාගයේදී නීති විරෝධී ලෙස කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට දූෂිත  නිලධාරීන් පිරිසක් විසින් කටයුතු සැලසුම් කල අතර තාක්ෂණික ඇගයීම් කමිටුව ලබා දුන් නිර්දේශ පවා නොතකා එම සමාගම වෙතම මෙම ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදීම ඔවුන්ගේ අරමුණ විය.


යම් හෙයකින් එම සමාගමට අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ නම් රටට දීර්ඝ කාලීනව සිදුවන පාසුව රුපියල් බිලියන 200 ඉක්මවන අතර දූෂණ විරෝධී ජනතාවගේ හඬ නැගීම හමුවේ එම කූඨ සැලසුම හකුලා ගැනීමට ඔවුනට සිදුවිය. 


එලෙස විවෘත කල අනෙකුත් ලංසුකරුවන්ගේ මිලගණන් පහතින් දැක්වේ.  




එම ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල  ජී එස් විතානගේ අදාළ ටෙන්ඩර් කමිටුවෙන් ඉල්ලා අස්වීම දක්වාම ගැටලුව දුරදිග ගිය අතර පසුව එම ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ කර තිබූ සමාගම් අතරින් අඩුම මිල ඉදිරිපත් කල දේශීය සමාගමට ලබාදීමට අදාල අංශ තීරණය කරන ලදි.


නමුත්  එම තීරණය නොතකා හැර, මෙම ටෙන්ඩරය චීන සමාගමක් වෙත ලබාදීම සඳහා විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩ ඇතුලු පිරිසක් කූඨ ලෙස කටයුතු සැලසුම් කරමින් සිටියි. 

මාස ගණනාවක් පුරා ප්‍රමාදයට ලක්වූ ටෙන්ඩර් ක්‍රියාදාමයේ අවසන් අදියරට පැමිණ තිබියදී එම ටෙන්ඩරය හිමිවීමට තිබූ දේශීය සමාගම  ඉන් ඉවත් කරන ලෙසත් ටෙන්ඩරය තමා වෙත ලබා දෙන ලෙසත් චීනයේ ඨක්‍ඛ ක්‍යසබ් සමාගම විසින් අභියාචනාවක් මගින් ඉල්ලා සිටි අතර එය ජනාධිපති ලේකම් කාර්‍යාලය හරහා ක්‍රියාත්මක වන ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය  වෙත යොමු කරන ලදි.


එහිදී පෙරකී චීන සමාගම සමාගමේ ටෙන්ඩරය අනුමැතියට සුදුසු බවත්, මෙම ටෙන්ඩරය ඔවුන්ට ලබා දිය යුතු බවටත් විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශයේ මතය ලෙස සඳහන් කරමින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය   වෙත රහසිගත ලිපියක්ද ලබාදුන්  අතර ඒ පිළිබඳව විශයභාර අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා කිසිදු දැනුවත් කිරීමක් සිදුකරද නැත.


මෙවන් කරුණක්  ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය  වෙත යොමු වූ විටදී ඔවුනට එම ටෙන්ඩර් ක්‍රියාවලිය නිත්‍යානුකූලද යන්න පිළිබඳව පමණක් සොයා බැලිය හැකි අතර එම ටෙන්ඩරයට අදාළ තාක්ෂණික ඇගයීම්කරණ ක්‍රියාවලියට බලපෑම් කල නොහැක.


නමුත් මෙහිදී විද්වත් මණ්ඩලයකගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව  පවා මින් පෙරදී අනුමත කල ටෙන්ඩර් යෝජනාවක් ඉවත් කොට  ඒ වෙනුවට මින් පෙර කිසිදාකවත් ඛභඨ විදුලි බලාගාරයක් ඉදිකර නැති චීන සමාගමකට ටෙන්ඩරය ලබා දෙන ලෙසට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කරනු ලබන නිර්දේශයන් කිසිසේත්ම නීත්‍යානුකූල නොවේ’  එසේ නිර්දේශ කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කිසිදු බලයක් නොමැත.


මෙහිදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බඩගොඩ විසින් චීන සමාගම සහ ඔවුන්ගේ දේශීය එජන්තවරයා සමඟ එක්ව  ඔහුගේ සමීපතම හිත්වතෙකු වන  ගුණසේකර මුලසුන දරණ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට බලපෑම් කර ඇති බවට අප වෙත වාර්තා වේ.


දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන මෙම විදුලි මාෆියාව විසින් ඉතාමත්ම සංවිධානාත්මකව සහ අත්තනෝමතික ලෙස මෙම බලාගාර ටෙන්ඩර් පටිපාටිය ප්‍රමාද කරමින් සිටින අතර ඉන් නොනැවති රටේ බලශක්ති ජනන ක්‍රියාවලිය විදේශ රටවල් වෙත පැවරීමට අවශ්‍ය කූඨ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියි.


මෙම විදුලි මාෆියාව පැතිරයාම ඉතා ඉක්මනින් අවසන් නොකලහොත් අපට  අවාසනාවන්ත ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇත. රටට බිලියන ගණනක් අහිමිවන මෙම දූෂිත ටෙන්ඩරයට විරැද්ධව අප සංවිධානය අධිකරණය වෙත යාමට බලාපොරොත්තු වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනයට පාවාදුන් LNG ටෙන්ඩර් මගඩියට එරෙහිව පාරිභෝගිකයන් පෙරට.
චීනයට පාවාදුන් LNG ටෙන්ඩර් මගඩියට එරෙහිව පාරිභෝගිකයන් පෙරට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq6nz4nIKaejojmsSEUaK0oXBP1fq4TbrZE8daxC892EdENU1S55dUotIcOuV5ngo77xZ_jVSWPFRkQx_gPrud3R6cR0CI9MoWhyT0e01HNKnXAAOvgji9J9RrXcxb-4Ysdr7zKY5WjLA/s1600/LNG.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq6nz4nIKaejojmsSEUaK0oXBP1fq4TbrZE8daxC892EdENU1S55dUotIcOuV5ngo77xZ_jVSWPFRkQx_gPrud3R6cR0CI9MoWhyT0e01HNKnXAAOvgji9J9RrXcxb-4Ysdr7zKY5WjLA/s72-c/LNG.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/lng.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/lng.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy