හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් තවදුරටත් ගිලා බැසිමේ අවධානම හේතුවෙන් එම ගිලා බැසිමට ලක් වන ස්ථ...
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් තවදුරටත් ගිලා බැසිමේ අවධානම හේතුවෙන් එම ගිලා බැසිමට ලක් වන ස්ථානයේ රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුකට සිමා කර ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ස්ථානය සුළු ගිලා බැසිමට ලක් වු අවස්තාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් එය ප්‍රතිසංස්කරණය කලද යලිත් එම ස්ථානයම ගිලා බැසිමේ අවධානම දැඩිව පවතියි.
එම මාර්ගයේ කොටසක් මේ වන විටත් විශාල ලෙස ඉරිතලා ගිලා බැසිමේ අවධානමක් මතු වි ඇත.
මිට වසර කිහිපයකට ප්‍රථම එම ස්ථානය සම්පුර්ණයෙන්ම ගිලා බැස තිබු අතර , පසුව එම ස්ථාන මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව යලිත් ගිලා බැසිමේ අවධානමට ලක් වි ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්තේ සිට හැටන් ස්ටැඩන් වත්ත දක්වා ස්ථාන කිහිපයක්ම මෙසේ ගිලා බැසිමේ අවධානමකට ලක් වි ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ද තහවුරු කරගෙන ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS