කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයකට යටවී පුද්ගලයෙකු ඊයේ (15) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පැවසීය. කිල...
කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයකට යටවී පුද්ගලයෙකු ඊයේ (15) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.
කිලිනොච්චිය පොලීසිය පැවසූවේ කිලිනොච්චිය සිට ඉරණමඩු දෙසට ගමන් කළ ට්‍රක් රථයක අදාළ දිසාවටම ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 51 හැවිරිදි කේ.කුගගේස්වරන් නමැති පස්දරු පියෙකු අනතුර සිදුවූ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ යතුරුපැදිය ට්‍රක් රථයේ ගැටීම හේතුවෙන් යතුරුපැදිකරු ට්‍රක් රථය යටට විසිවී රෝදයකට යටවීමෙන් මිය ගිය බවත් පසුව එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් උණුසුම්ව ට්‍රක් රථයට ගල් ප්‍රහාරයක්ද එල්ල කොට ඇති අතරම පසුව එම ස්ථානයට පොලීසිය පැමිණ තත්වය පාලනය කොට ඇත..
අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS