දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
HUAWEI nova3 ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට.
Homeගොසිප්

HUAWEI nova3 ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට.

PropellerAds

ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වන HUAWEI සිය නවතම nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීම අද දින...

TELENISA Get Together
නාමල් සහ නිත්‍යා ඇප මත නිදහස්
වෙරිවූ නියමුවා නිසා ශ‍්‍රීලන්කන් යානය පැය 15 ප‍්‍රමාදවේ


ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වන HUAWEI සිය නවතම nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීම අද දින කොළඹ දී උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සදහා HUAWEI ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි පිටර් ලියු, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා,  ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේජ්වර්ධන මහතා සහ වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා, ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ජගත් පෙරේරා මහතා මෙන්ම ඩයලොග් හි උපාංග ව්‍යාපාර අංශයේ ප්‍රධානි (ජංගම සන්නිවේදන) අයෝමාල් ගුණසේකර, මොබිටෙල් හි දත්ත උපාංග හා ව්‍යාපාර උපායමාර්ගික ජ්‍යෙෂ්ට කළමණාකාර යසිරු අබේගුණවර්ධන, සහ දිවයින් පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. තවද මෙම අවස්ථාව සඳහා ජනප්‍රිය කලාකරුවන් වන රයිනි චාරුකා ගුණතිලක , ටෙහාන්  පෙරේරා සහ නව පරපුරේ රංගන ශිල්පිනී සහ නිරූපන ශිල්පිනී ඕෂධී හිමාෂා ද එක්ව සිටියහ.

සිය පාරිභෝගිකයින්ගේ ජීවිත වඩාත් පහසු කරමින් HUAWEI විසින් ප්‍රථම වරට AI quad-camera සහිත හඳුන්වා දෙන nova3 කාණ්ඩයට nova3 සහ nova3i ලෙස ස්මාර්ට්ෆෝන් දෙකක් අයත් වෙයි. මෙම ස්මාර්ට්ෆෝන් දෙකෙහිම ඉදිරිපස කැමරා ද්විත්වය 24MP සහ 2MP ලෙස සකසා තිබේ. මෙහි ප්‍රථම කැමරාව ඡායාරූප සහ වීඩියෝ  සුපැහැදිලිව ඡායාරූප ගත කරන අතර දෙවන කැමරාව විසින් ත්‍රිමාණව පිංතූරය ඡායාරූපගත කිරීමට පහසුකම් සපයයි. මෙම කැමරා දෙකෙහි ඇති සෙන්සර් එක් ඉලක්කයකට කටයුතු කිරීම මගින් මනුෂ්‍ය ඇහැකට සමාන තාක්ෂණික ක්‍රියාවලියක නිරත වෙමින් උසස්ම තත්වයේ ඡායාරූපයක් ලබාදෙයි.


HUAWEI Nova3 ස්මාර්ට්ෆෝන් වල පසුපස කැමරාව 24MP monochrome කැමරාවක් වන අතර dual f/1.8 wide aperture 6p සමග 16MP RGB sensor සහිතව නිමවා ඇත. මේ නිසා අඳුර සහිත අවම ආලෝක තත්වයක් යටතේ වුව උසස් තත්වයේ ඡයාරූපයක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි. HUAWEI Nova3i හි බලසම්පන්න පසුපස කැමරා ද්විත්වය 16MP primary sensor සහ 2MP secondary sensor පහසුකම් වලින් යුක්ත වෙයි. මෙමගින් වඩා සුපහැදිලි සවිස්තරාත්මක ඡායාරූප ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර ඡායාරූපකරණයේදී ගැඹුර පිළිබඳ තොරතුරු ලබා ගන්නා බැවින් වෘත්තිමය bokeh effect ලබා දෙන අතර මෙමගින් ස්වාභාවික තත්වයෙන් යුත් ඡායාරූපයක් ලබා දෙයි. 

HUAWEI ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ HUAWEI Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ විස්මිත බව අත්හදා බැලීමට ඇරයුම් කරන බවයි. මෙම කාණ්ඩය සමග හඳුන්වා දෙන සුපිරි AI තාක්ෂණය පාරිභෝගිකයාගේ ආකර්ෂණයට ලක්වනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළ කළේය. සුපිරි නවීන තාක්ෂණය සහිතව එන මෙම ස්මාර්ට්ෆෝන් තරුණ පරපුර ඉලක්ක කරගනිමින් හඳුන්වා දෙන බවද හෙතෙම  මෙහිදී වැඩිදුරටත් කීය.

HUAWEI Nova3 සහ  HUAWEI Nova3i මනරම් බාහිර පෙනුමක් සහ අනගි නිමාවකින් යුක්ත වන අතර තාරුණ්‍යයේ විලාසිතාවට ගැලපෙන ආකාරයට නිමවා ඇත. 6.3-inch FHD+ (2340ⅹ1080) 19.5:9 FullView display සහිතව නිමවා ඇති මෙම ස්මාර්ට්ෆෝනය මගින් වඩා සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතියි. එපමණක් නොව මෙම ස්මාර්ට්ෆෝන් දෙකම ආකර්ෂණීය මනරම් Iris Purple (the striking gradient which smoothly transition from blue to purple) වර්ණයෙන් වෙළඳපලට හඳුන්වාදෙයි. HUAWEI Nova3 ආරක්ෂාකාරී ආවරණයකින් සමන්විත වන අතර ඉදිරිපස හා පසුපස මෙම සියුම් ආරක්ෂාකාරී ආවරණය මගින් ආරක්ෂා කර තිබේ.

Kirin 970 SoC, පද්ධතියකින් සමන්විත වන අතර සියලු AI කාර්යයන් ඉටු කිරීම Neural Processing Unit එකක් මගින් සිදුකෙරෙයි. මෙම NPU හා සම්බන්ධ වෙමින් HUAWEI හි HiAI mobile computing architecture සහ සුපිරිතම Kirin 970 මගින් ක්‍රියාත්මක වන AI තාක්ෂණය මගින් 50 ගුණයකින් පමණ ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු මෙන්ම අනෙකුත් සාම්ප්‍රදායික CPU වලට වඩා 25 ගුණයකින් උසස් තත්වයේ ඡායාරූපයක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි.Huawei nova3 serious Gaming සඳහා ද සුදුසු ආකාරයට නිපදවා ඇති අතර මෙහි ඇති GPU turbo පහසුකම නිසා මෙම ස්මාර්ට්ෆෝනය වේගවත් ක්‍රියාකාරිත්වයකින් යුක්ත වෙයි. GPU turbo තාක්ෂණය මගින් ස්මාර්ට්ෆෝනයේ ඇති මෘදු සහ දෘඩ ග්‍රැෆික් ඵලදායි ලෙස මෙහෙයවා Games සඳහා අවශ්‍ය වන පසුබිම සකසා දෙනු ලබයි.EMUI operating system සහ GPUs මෙන්ම CPUs ඔස්සේ Gaming සඳහා  අවශ්‍ය තාක්ෂණික පසුබිම සකසනු ලබයි. GPU turbo ඔස්සේ Graphic Processing 60% කින් වැඩිදියුණු කර ඇති අතර බැටරි පරිභෝජනය 30% කින් අඩු කර ඇත. එමගින් වඩාත් හොද අත්දැකීමක් සහිතව Games Play කිරීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිවනු ඇත.

HUAWEI Nova3i ස්මාර්ට්ෆෝන් නවතම HiSilicon Kirin 710 SoC සහ 3340mAh බැටරියකින් සමන්විත වන අතර HUAWEI Nova3 ස්මාර්ට්ෆෝන් HiSilicon Kirin 970 SoC සහ 3750mAh බැටරියකින් සමන්විත වෙයි.

තවද මෙම දුරකථනය Qmoji විශේෂාංගයෙන් සමන්විත අතර එය මුහුණේ ඉරියව් වලට අනුව වෙනස් වන ඇනිමේෂන් වලින් යුක්ත වන අතර ඒවා යොදාගනිමින් ඡායාරූප, GIF සහ වීඩියෝ සැකසීටමත් ඒවා  ඉතා පහසුවෙන් සමාජ ජාල ඔස්සේ  ඛෙදා හැරීමටද හැකියාව ඇත. මෙම ස්මාර්ට්ෆෝන් සඳහා විශේෂිත වූ අනික් විශේෂත්වය වන්නේ AI Shopping පහසුකමයි. AI Shopping ලෙස හඳුන්වා ඇත්තේ  ඕනෑම භාණ්ඩයක  ඡායාරූපයක් ගෙන ඇතුළත් කළ විට එම භාණ්ඩය පිළිබඳ විස්තර මිලදී ගත හැකි ස්ථාන , මිල ගණන් ආදී අන්තර්ජාල තොරතුරු සියල්ල දැනගැනීමට අවස්ථාව සලසා තිබීමේ ක්‍රමවේදයයි. මෙහි ඇති අනික් විශේෂත්වය වන AI Gallery පහසුකම යටතේ ලබාගන්නා ඡායාරූප ස්වයංක්‍රියවම වර්ගීකරණය වන අතර ඕනෑම ඡායාරූපයක් පසුව සොයාගැනීමේ ක්‍රියාවලිය පහසු කරනු ඇත.

HUAWEI Nova3 සහ nova3i ස්මාර්ට්ෆෝන් සඳහා වසරක වගකීමේ සහතිකයක් ලබාගත හැකි අතර දිවයින පුරා පිහිටා ඇති HUAWEI මධ්‍යස්ථාන වලදී මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි ජාලය තුලින්  සහ තෝරාගත් ඩයලොග් සහ මොබිටෙල් අලෙවිසැල් සහ මධ්‍යස්ථාන ඔස්සේ HUAWEI Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් අලෙවි කෙරෙන අතර HUAWEI Nova3 ස්මාර්ට්ෆෝනයක් රුපියල් 79,900 කට සහ HUAWEI Nova3i ස්මාර්ට් ෆෝනයක් රුපියල් 49,900 කට මිලදී ගැනීමට අවස්ථාව ඇත.

මෑතකදී HUAWEI සිය තරඟකාරි සන්නාම අභිබවා යමින් ලොව අංක 2 ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්විය. පසුගිය සතියේ නිකුත් කළ නවතම IDC වාර්තා මගින් ඒ බව තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවිය අතින් අංක 1 හිමිකරගැනීමට  HUAWEI සමත් වූ බව GfK වාර්තා පෙන්වා දෙයි. 2017 වසරේදී ලොව වටිනාතම සන්නාම ශ්‍රේණිගත කෙරෙන BrandZ's Top 100 හි 48 වන ස්ථානය HUAWEI විසින් හිමිකරගත් අතර Forbes World's Most Valuable Brands අතර 79 වන ස්ථානය හිමිකරගෙන සිටියි. තවද Brand Finance Global 500 Most Valuable Brand ශ්‍රේණිගත කිරීම් අතර 25 වන ස්ථානයට පත්ව ඇති HUAWEI සන්නාමය 2017 වසරේ Interbrand's Best Global Brand හි 70 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි. මෙම වසරට පෙර ලොව සුපිරි සමාගම් ශ්‍රේණිගත කෙරෙන Fortune 500 වාර්තා අතර 83 වන ස්ථානය HUAWEI හිමිකර ගත්තේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: HUAWEI nova3 ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට.
HUAWEI nova3 ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh185hLswM_Xb4TzKUAcboI2BSnY8W1lDyWiEeJmE5uUZZvJtLPy_ApWUY5zCaOKUEXjO4rlZ-FbMgev4jJolgJDXVkoZG5MgCQyl7KHe65Ezw6jx1B_MkJf1jWHV9MthQwemcYjxa16kbT/s1600/Huawei+launches+nova3+Series+smartphonesin+Sri+Lanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh185hLswM_Xb4TzKUAcboI2BSnY8W1lDyWiEeJmE5uUZZvJtLPy_ApWUY5zCaOKUEXjO4rlZ-FbMgev4jJolgJDXVkoZG5MgCQyl7KHe65Ezw6jx1B_MkJf1jWHV9MthQwemcYjxa16kbT/s72-c/Huawei+launches+nova3+Series+smartphonesin+Sri+Lanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/huawei-nova3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/huawei-nova3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy