දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ජනපති ගෙනා පනතට ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද?’
Homeප්‍රවෘත්ති

‘ජනපති ගෙනා පනතට ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද?’

PropellerAds

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමානිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ ...

මන්ත්‍රීවරුන් 55කට ලක්ෂ දෙකක දීමනාවක්! රතන හිමි ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුත් ලැයිස්තුවේ - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න
පේරාදෙණිය සරසවි සිසුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි
ඉන්දියාවේ රසායනික අපද්‍රව්‍ය පුත්තලමට ගොඩ ගසයි - සොයා බලන්න විශේෂ කණ්ඩායමක් යයි
‘ජනපති ගෙනා පනතට ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද?’

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමානිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවේදැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි.

ඊයේ (26) සීදුව රද්දොළුව ජනිත උත්සව ශාලාවේදී පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මීට වසර කිහිපයකට පෙර අපි ම්ලේච්ඡ ත්‍රස්තවාදයක ගොදුරු බවට පත්ව සිටියා. ඉන් මේ මව් පොළොව බේරා ගැනීමට දියත් වූ අවසන් සංග්‍රාමයේදී පමණක් රණවිරුවන් 27,000ක් දිවි පිදුවා. මේ සංග්‍රාමයේදී බොහෝ වීර කතා අපේ ඉතිහාසයට එක් වූවා. මේ එවැනි එක් වීරවරයකුගේ කතාවක්. අපේ හමුදා අනු ඛණ්ඩයකට සටන් බිමේ ඉදිරියට යන විට කොටින්ගේ බංකරයක් සහිත බැම්මක් හමු වෙනවා. එය කවර ලෙසකින්වත් කඩා බිඳ දමා ඉදිරියට යාමට බැරි වෙනවා. එහිදී එම අනුඛණ්ඩයේ සිටි තරුණ සොල්දාදුවෙක් කියනවා ‘මම අවිවාහකයි. අම්මා, තාත්තා මිය ගිහිල්ලා. මේ අවස්ථාවේදි මම මේ බාධකය ඉවත් කරන්නම්. රට වෙනුවෙන් මට ඒ යුතුකම ඉටු කරන්න ඉඩ දෙන්න’ කියලා. ඔහු තමන්ගේ ඉහළ නිලධාරින්ට එහෙම කියලා ඔවුන් දැනුම්වත් කරලා මරාගෙන මැරෙන ක්‍රියාන්විතයකට සූදානම් වෙනවා. අවසානයේ ඒ විරුවා ඒ බාධකය බිඳ හෙළනවා.

‘මේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් ගලවාගත යුතුයි’ කියන අධිෂ්ඨානයයි ඒ විරුවා තුළ තිබුණේ. ඔහු අද කොහේ හෝ සිට බලා සිටිනවානම් ඔහුට පෙනෙන්නේ ඔහුගේ පරිත්‍යාගය ඇඟයීමකට ලක් කළ එකක් ලෙස නොවෙයි. ඔහුට අද පෙනෙන්නේ තමන් ඇතුළු වීර වික්‍රමාන්විත සෙබළුන් දිවි පුදා මේ මව්පොළොවට ගෙන දුන් විජයග්‍රහණය ආපස්සට හරවන ජවනිකා පමණයි.

‘නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය’

අවසාන සංග්‍රාමයේදී 27,000ක් දිවි දුන්නා. තවත් 23,000ක් අතපය අහිමි කරගත්තා. ඉර පායනවා, ඉර බැස යනවා දැනෙන්නේ නැති, ඇඳේ පැත්තකට හැරෙන්නට බැරි වීර සොල්දාදුවන් දහස් ගණනක් රැකබලා ගන්නා රටකයි අපි ජීවත් වෙන්නේ. එහෙව් රට තමයි අද තීරණාත්මක සතුරු වටලෑමකට ලක් වී තිබෙන්නේ. මෙතැනින් මේ රට නොපමාව එළියට ගත යුතුයි. අගමැති රනිල් වික්‍රමසිංහ අතේ තිබෙන මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයෙන් මේ රාජ්‍යය එළියට ගැනීමෙන් තොරව මේ රටට ආරක්‍ෂාවක් සැලසෙන්නේ නැහැ.

දැන් පළාත් සභා මැතිවරණය අනන්තයටම කල් දමා තිබෙනවා. පසුගිය සිකුරාදා විවාදයට ගත් ‘පළාත් සභා කොට්ඨාස සීමානිර්ණ වාර්තාව’ ලෝක ඉතිහාසයේ අරුමපුදුම පනත බව පත් වූවා. පළාත් සභා, පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා ඒ පනත අගයමින් කතාවකුත් කළා. පසුව ඡන්ද විමසීමේදී ඒ ඇමතිත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. මේ පළාත් සභා කොට්ඨාස සීමානිර්ණයට අදාළ පනත ගෙන ආවේ ජනාධිපතිවරයාගේ උවමනාවටයි. ජනාධිපතිවරයා තමයි උපදෙස් දුන්නේ ‘මුස්තාපා මේක අරන් ගිහිල්ලා සම්මතකර ගන්න’ කියලා. අන්තිමේදී අගමැති, විෂය භාර ඇමති හා ආණ්ඩුව, ජනාධිපතිගේ පනතට විරුද්ධ වෙනවා. එතකොට මේ ජනාධිපතිතුමාට තවදුරටත් මේ ආණ්ඩුවත් සමඟ ඉන්න පුළුවන් ද? එහෙම ඉන්න ගියොත් එක දවසක උදේට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා... (ඒක ඕනේ නැහැ.) එහෙම වෙන්නත් පුළුවන්.

‘ජනාධිපතිට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක්’

මේක පැහැදිලිවම ජනාධිපතිවරයාට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද? විපක්‍ෂයේ අපි ඒකට කොහොමත් විරුද්ධ වෙනවා. ඒක අපේ වැඩක්. නමුත් ආණ්ඩුවේ කට්ටිය විරුද්ධ වුණේ මොකද? එකෙන් පෙනෙනවා, ‘මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයාව ගණන් ගන්නේ නැහැ’ කියලා. මහජනයා තමන් සතු විධායක බලය මේ ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. ඔහු ඒ විධායක බලය අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය හරහා ක්‍රියාවට නඟනවා. අගමැතිවරයා අතේ තිබෙන්නෙත් ඒ විධායක බලයෙන් පංගුවක් මිසක් වෙන දෙයක් නොවෙයි. දැන් ජනාධිපතිවරයාට විරුද්ධව ඇමතිලා වැඩ කරනවා, ජනාධිපතිට විධායක බලය දීපු මහජනතාව මඤ්ඤං වෙලා ඉන්නවා.

මේ වගේ ජවුසං බලන්න තියෙන්නේ කොයි රටේ ද? මේ වැඩෙත් හරියට අර මම හැමදාම කියන ‘සාජන්ට් නල්ලතම්බිගේ මරණය’ වගේ. එදා පොලීසියේ අණ නොතකා වාහනය ධාවනය කරපු නිහාල් සිල්වා (සාජන්ට් නල්ලතම්බි) රංගන ශිල්පියාට පොලීසියෙන් වෙඩි තැබුවා. ඒ වෙඩි තැබීමෙන් ඔහු මියගියා. ඔහු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ හොඳ හිතවතෙක්. ඒ නිසා පසුව රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු ඒ මරණයේ ආදාහන කටයුතුත් රාජ්‍ය අනුග්‍රහයෙන්ම සිදු කළා. ඒ වගේ අද පනත ගෙනෙන්නෙත් ආණ්ඩුව, පරද්දන්නෙත් ආණ්ඩුව විසින්මයි. හරිනම් දැන්වත් අර දූවිලිකමින් තිබෙන ජනාධිපතිගේ කඩුව මේ අගමැතිට සහ ඇමති මණ්ඩලයට විරුද්ධව පාවිච්චි විය යුතුයි. නමුත් මෙතෙක්කල් සිදුවුණු දේවල් දිහා බලනකොට අපට එහෙම වෙයි කියා හිතන්න බැහැ.

අපට මේ පුණ්‍ය භූමිය මේ ආකාරයට විනාශ වීමට ඉඩ දී නිහඬව බලා සිටීමට බැහැ. මේ පුණ්‍ය භූමිය මේ විනාශකාරී මාවතින් එළියට ගැනීම අපේ අනුල්ලංඝනීය වගකීමක් සහ යුතුකමක්. ඒ සඳහා ඡන්දයක් එනතෙක් කල් මරමින් ඉන්න බැහැ. ජනාධිපතිවරණය තෙක් බලා සිටියොත් ආපසු හැරවීමට නොහැකි මහා විනාශයන් ගණනාවක් සිදු වී තිබේවි. ඊට මෙහා කාලයේදී අපි අපේ විරෝධය ප්‍රහාරාත්මකව පෙරට ගෙන ආ යුතුයි. ඒ හැර අන් මාවතක් අපි ඉදිරියේ නිර්මාණය වී නැහැ.

ඒ ප්‍රහාරාත්මක විරෝධයේ පළමු වෙඩි මුරය තබන්න සැප්තැම්බර් 05 වැනිදා කොළඹට පැමිණෙන ලෙස මේ මව්පොළොවට ආදරය කරන සියලු දූපුතුන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ජනපති ගෙනා පනතට ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද?’
‘ජනපති ගෙනා පනතට ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද?’
http://am.lk/media/k2/items/cache/229f26ac372bdae32b79b8883e0ba93d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_932.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_932.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy