දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පේරාදෙණිය සරසවි සිසුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි
Homeප්‍රවෘත්ති

පේරාදෙණිය සරසවි සිසුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

PropellerAds

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා වැඩිදුර ප්‍...

ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් රත්‍රං ජාවාරමක
ලොතරැයි නිසා රජයට කෝටි 2 1/2ක පාඩුවක්
බරපතළ වංචා පිළිබඳ විමර්ශන මාර්තු වනවිට අවසන් 
පේරාදෙණිය සරසවි සිසුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම පහරදීම සිදුකල ශිෂ්‍යයින් සියලු දෙනා කඩිනමින් අත්අඩංගුවට නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.

ගලහ නගරයට ගමන්කරන අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් ඇති මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගයේ සිය මෝටර් රථය නවත්වාගෙන සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතාට පසුගිය 03 වනදා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පහර දී තිබේ.

ඒ විශ්වවිද්‍යාලයට අයත් එම මාර්ගයේ වාහන නතර කළ නොහැකි බව පවසමිනි.

එහිදී වෛද්‍යවරයා සිසුන්ට පවසා ඇත්තේ තමන් ප්‍රතිකාර කරන ස්නායු රෝගියෙකුගේ තත්ත්වය බරපතල බව දන්වමින් අනුරාධපුර රෝහලෙන් ආ දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට එම ස්ථානයේ මෝටර් රථය නතර කළ බවයි.

විශ්වවිද්‍යාලයේ හිල්ඩා නේවාසිකාගාරයද මීට ආසන්නයේ ඇති බවත් කිසිසේත්ම එහි වාහන නැවැත්වීම සිදුකල නොහැකි බවත් පවසමින් සිසුන් වෛද්‍යවරයා සමග බහින් බස්වී තිබේ.

එම සරසවියේම විද්‍යාර්ථයෙක් වන යොහාන් කෝරළගේ මහතා සිසුන්ගෙන් විමසා ඇත්තේ එවැනි නීතියක් පැනවූයේ කුමන කාලයේද යන්නයි.

බහින්බස් වීම අතරතුර සිසුන් පිරිස විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට අමානුෂික ලෙස පහරදී තිබේ.

පහරකෑමෙන් තුවාල ලබා සිහිසුන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ අතර දින දෙකක් ප්‍රතිකාර ලබා සිය නිවස බලා පිටත්ව ගොස් තිබුණ අතර පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට ඇතුලත් කෙරුණු ඔහු මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පේරාදෙණිය සරසවි සිසුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි
පේරාදෙණිය සරසවි සිසුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි
http://am.lk/media/k2/items/cache/ab686334d1f310dd5ec608ebba03b25f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_537.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_537.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy