පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් සහ දීමනාවලට අමතරව තෝරාගත් මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මාසිකව සිදු කර ඇති රුපියල් ලක්ෂ දෙකක හෝ ඊට...
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් සහ දීමනාවලට අමතරව තෝරාගත් මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මාසිකව සිදු කර ඇති රුපියල් ලක්ෂ දෙකක හෝ ඊට ආසන්න ගෙවීම් පිළිබඳ මේවන විට තොරතුරු හෙළිදරව් වී තිබේ.
රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සඳහා පත් කර ඇති මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සලසාදීම වෙනුවෙන් එම ප්‍රවාහන දීමනාව ගෙවනු ලබන බවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
2016 ජුනි 21 වනදා ගත් කැබිනට් තීරණයක් අනුව එම දීමනාව හිමිවූ මන්ත්‍රිවරුන් 55 දෙනකුගේ නාමලේඛනයක් එම අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියා විසින් නිකුත් කර ඇත.
එම ලැයිස්තුවට එජාප මන්ත්‍රීවරුන්, ආණ්ඩුව නියෝජනය කරන එජනිස මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුවේ සිට ඉන් ඉවත් ව මේවන විට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඊට ඇතුළත් වේ.
කෙසේ වෙතත් එක් එක් මන්ත්‍රිවරයකුට එසේ ලබාදෙන මුදල කොපමණදැයි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරි එල්.ජී.එස්.ජී. දයාරත්න විසින් එවන ලද ලිපියෙහි සඳහන් කර නොතිබුණු බැවින් එසේ ලබාදෙන මුදල කොපමණදැයි විමසා තවත් ලිපියක් යොමු කරන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
එම නාම ලේඛනයේ නම් සඳහන්, සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපෘති අධීක්ෂණය සඳහා රුපියල් දෙලක්ෂයක මුදලක් තමා වෙත ලැබුණු බවත් රාජ්‍ය ඇමැති ධුරයට පත් කිරීමෙන් පසු එම මුදල ගෙවීම නතර කරන ලෙස දැනුම්දුන් බවත්ය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලබාදුන් තොරතුරුවල එක් එක් මන්ත්‍රිවරයා වෙත ලබාදෙන මුදල සඳහන් නොවූවද එම අමාත්‍යාංශයේ බැංකු ගිණුම්වලට අනුව රුපියල් දෙලක්ෂය බැගින් පහත නම් සඳහන් මන්ත්‍රිවරුන් වෙත මාසිකව ගෙවා ඇති බව වාර්තා වේ.
එසේ මුදල් ලබාදෙන බවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් එවා ඇති මන්ත්‍රිවරුන්ගේ නාමලේඛනය පහතින්,
01. සිසිර කුමාර අබේසේකර.
02. ආනන්ද අලුත්ගමගේ.
03. රංජිත් අලුවිහාරේ.
04. තුෂාර ඉඳුනිල්.
05. හෙක්ටර් අප්පුහාමි.
06. අතුරලියේ රතන හිමි.
07. බන්දුලාල් බණ්ඩාරිගොඩ.
08. නාලක ප්‍රසාද් කොළොන්නෙ.
09. සිරිනාල් ද මෙල්.
10. මයන්ත දිසානායක.
11. ඩී. චන්දිම ගමගේ.
12. එඩ්වඩ්. ගුණසේකර.
13. විජේපාල හෙට්ටිආරච්චි.
14. නලීන් බණ්ඩාර ජයමහ.
15. අනුර සිඩ්නි ජයරත්න.
16. ලකී ජයවර්ධන.
17. කාවින්ද හේෂාන්.
18. වේලුකුමාර.
19. අරවින්ද කුමාර්.
20. ආනන්ද කුමාරසිරි.
21. ඉම්රාන් මහරුෆ්.
22. එම්.එම්. අබ්දුල්ලා මහරුෆ්.
23. අජිත් මාන්නප්පෙරුම.
24. එම්.අයි.එම්. මන්සූර්.
25. ආශුබෝධ මාරසිංහ.
26. එස්.එම්. මරික්කාර්.
27. අලි සහීර් මවුලානා.
28. බුද්ධික පතිරණ.
29. ප්‍රදීප් සංජය පෙරේරා.
30. කේ.කේ. පියදාස.
31. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.
32. අශෝක ප්‍රියන්ත.
33. මුජිබර් රහුමාන්.
34. ඉෂාක් රහුමාන්.
35. හර්ෂණ සුපුන් රාජකරුණා.
36. සංදිත් සමරසිංහ.
37. චතුර සේනාරත්න.
38. එම්. තිලකරාජා.
39. එම්.එස්. තවුෆික්.
40. සුරේෂ් වඩිවේල්.
41. හේෂාන් විතානගේ.
42. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න.
43. තුසිතා විජේමාන්න.
44. රෝහිණී කුමාරි.
45. චමින්ද විජේසිරි.
46. ඒ.ඒ. විජේතුංග.
47. මලිත් ජයතිලක.
48. කාදර් මස්තාන්.
49. අංගජන් රාමනාදන්.
50. ආරුමුගන් තොන්ඩමාන්.
51. ඩග්ලස් දේවානන්ද.
52. ප්‍රේමලාල් ජයසේකර.
53. ජයම්පති වික්‍රමරත්න.
54. ප්‍රියංකර ජයරත්න.
55. මුත්තු සිවලිංගම්.
COMMENTS