ඩිලාන් පෙරේරා හිටපු ඇමතිතුමාට මාත් එක්ක නෙවෙයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එක්ක ප්‍රශ්නයක් තිබුණ බව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ...
ඩිලාන් පෙරේරා හිටපු ඇමතිතුමාට මාත් එක්ක නෙවෙයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එක්ක ප්‍රශ්නයක් තිබුණ බව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (12) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
ඒ අයට මං හිතන්නේ විපක්ෂ නායක ධුරය ලබා ගන්න හම්බවෙන්නෙ නැහැ. ඇත්ත කියන්න එපැයි. මමත් දැක්කා කිරිඇල්ල ඇමැතිතුමා කියනවා ස්වාධීන වුණොත් ඒ ගැන බලමු කියලා. ඉතින් මම දන්නේ නැහැ කිරිඇල්ල ඇමතිතුමා ඇයි එහෙම කිව්වෙ කියල. මට පුළුවන්ද අවුරුද්දකම ගියාට පස්සේ මම ස්වාධීනයි කියන්න. මම ඡන්දය ලබා ගත්තේ බුලත් කොළෙන්, මට ඕනේ ඕන වෙලාවට මම දැන් ස්වාධීනයි, මම අහවල් පක්ෂයේ, මම අහවල් පක්ෂ කියන්න පුළුවන්කමක් නෑ. මේ රටේ ඉතිහාසයේ බොහෝ වැරදි කරලා තියනවානේ. ඒ වැරදි කරපු පලියට ඒ වැරදි පූර්වාදර්ශ කරගන්න පුළුවන් කමක් නෑනේ."
“ඩිලාන් පෙරේරා හිටපු ඇමතිතුමාට මාත් එක්ක නෙවෙයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ. එතුමා හැමදාම ජනාධිපතිතුමාට බනින්න ඕනේ ටික තමයි මට බැන්නේ. 2020න් පස්සෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා බවට පත්වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඊළඟ අවුරුදු 5 මේ රටේ රාජ්‍ය නායකයා වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.”යැයිද ඒ මහතා පැවසීය.
COMMENTS