ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ කුමාර වෙල්ගම යන නම් පහ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස යෝජනා...
ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ කුමාර වෙල්ගම යන නම් පහ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස යෝජනා වි තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.
'අනිද්දා' සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒ අතරින් අපේක්ෂකයෙකු තෝරාගනීමට නියමිත බවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් තීන්දුව ගනු ඇති බවත්, එතෙක් අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡාව අභ්‍යන්තර වශයෙන් සිදුකිරීමට එකඟ වී ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන තෙක් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකර සිටීමට හේතුව වන්නේ ජනාධිපතිවරණයට තවත් මාස 15 ක් ඉතිරිව තිබෙන නිසා බව ද ඔහු කීයා සිටියි.
මේ වන විට අපේක්ෂකයන් පස්දෙනා පිළිබඳව කරුණු ඉදිරිපත්ව තිබෙන බවත්, ඒවා සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ මහතා ගන්නා තීන්දුවක් පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
COMMENTS