2017 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4 ට වඩා අඩු බවත් එය 2018 වසරේ දී සියයට 5 ත් 5.5 ත් අතර ප්‍රමාණයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැං...
2017 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4 ට වඩා අඩු බවත් එය 2018 වසරේ දී සියයට 5 ත් 5.5 ත් අතර ප්‍රමාණයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අධිපති වරයා මේ බව පැවසුවේ අද (03) දින පැවති ‘පෙර දැක්ම 2018‘ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
2018 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති මෙලෙස ‘පෙර දැක්ම 2018‘ තුළින් ප්‍රකාශයට පත් කෙරුණු අතර 2017 වසරේ සිට අඛණ්ඩව 11 වැනි වරට මෙවර මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආාචර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ කියා සිටියේය.
“2017 වසර අභියෝගාත්මක වසරක්. අයහපත් කාලගුණික තත්ත්වයන් සමස්ත ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කළා. පැවති නියං සහ ගංවතුර තත්ත්වයන්ගෙන් කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි නිෂ්පාදිත පදනම් කර ගත් කර්මාන්ත කටයුතුවලට බාධා ඇතිවුණා. අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ඇති වූ බලපෑම ආර්ථිකයේ අනෙකුත් අංශ කෙරෙහි ද අයහපත් ලෙස බලපෑවා. එහි ප්‍රතිඵලයක් ලෙසනි. 2017 වසරේ ආර්ථික වර්ධනය වසර ආරම්භයේ දී අප පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ අගයයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා.“
“රටේ සමස්ත ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් ප්‍රතිපත්ති රාමු තුනක් ස්ථාපනය කර තිබෙනවා. වඩාත් විචක්ෂණශීලී ලෙස සහ ඉදිරි දැක්මක් සහිතව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට 2020 වසර වන විට නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.“
“2017 වසරේ දී විදේශීය සෘජු ආයෝජනවල වර්ධනය වීමක් දකින්න ලැබුණා. හම්බන්තොට කාර්මික කලාපය ආරම්භ කිරීම සහ කොළඹ වරා නගර ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් විදේශීය සෘජු ආයෝජන තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.“
“මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු මූල්‍යයනය කිරීම වැළැක්වීමේ නියාමනයන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ගෝලීය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වීම වැඩිදියුණු කර ගැනීම සඳහා සැලකිය යුතු ක්‍රියාමාර්ග රැසක් ගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මෙන්ම බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය ආයතන, නියාමන ආයතන, කොටස් තැරැව්කරුවන් හා රක්ෂණ සමාගම් වැනි සිය පාර්ශවකරුවන් සමඟ එක්ව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු මූල්‍යයනය කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින අතර, අනෙකුත් රටවල මූල්‍ය බුද්ධි ඒකක සමඟ නව අවබෝධතා ගිවිසුම්වලට එළඹීම අඛණ්ඩව සිදුකළා.“
COMMENTS