ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් කිරීමේ අරමුණින් රජය මගින් ක්රියාත්මක ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන කඩාකප්පල් කිරී...
ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් කිරීමේ අරමුණින් රජය මගින් ක්රියාත්මක ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන කඩාකප්පල් කිරීමේ අරමුණින් යුතුව බැංකු හරහා සිදුකෙරෙන සැලසුම් සහගත මෙහෙයුමක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවා වල අවධානය යොමු තිබේ.
පසුගිය සතියේ රැස් වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඇතැම් මන්ත්‍රිවරුන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට පැමිණිලි කර තිබිණ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති ප්‍රාදේශීය වැඩමුළු කිහිපයක්ම අදාළ බැංකු නිලධාරීන් මඟ හැර ඇති බවද එම හමුවේදී අනාවරණය වී ඇත.
කඩාකප්පල්කාරී බැංකු නිලධාරීන්ට ලෙඩේ:
මෙම එන්ටර්ප්‍රයිසස් - ශ්‍රී ලංකා' ණය ව්‍යාපෘතිය කඩාකප්පල් කරන බැංකු නිලධාරීන්ට එරෙහිව දැඩිව කටයුතු කරන බව සභානායක හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා'මව්බිම' පුවත්පතට පවසා ඇත.
මේ ගැන තමන් අදාළ කළමනාකරුවන්ට කතාකර විමසූ බවත් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නොමැති බවත් ඇමැතිවරයා කියා සිටියි.
දිවයින පුරා රජයේ බැංකු හරහා 'එන්ටර්ප්‍රයිසස් - ශ්‍රී ලංකා' වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් අතළොස්සක් නිලධාරීන් කරන මෙම වෑයම නතර කිරීමට තමන් කටයුතු කරන බවත් කිරිඇල්ල ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
2017 සහ 2018 අයවැය යෝජනා අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා මාධ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ.
COMMENTS