දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අප්‍රිකානු පස්ගොඩින් මතුවූ කෝටි 500 දියමන්තිය වසර 22ක් මාළු ටැංකියක තිබූ කතාව
Homeගොසිප්

අප්‍රිකානු පස්ගොඩින් මතුවූ කෝටි 500 දියමන්තිය වසර 22ක් මාළු ටැංකියක තිබූ කතාව

PropellerAds

ප සුගියදා රටේ ආන්දෝලනයක් ඇති කළ කෝටි 500 දියමන්තිය පාතාල නායක මදුෂ් සිය පිරිස් යොදවා පැහැරගැනීමත් එය පසුව හමුවීමත් එහි වටිනාකම ගැන ගැටලු මත...

නවසීලන්තයේ 7.8 භූමි කම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීම්
සමෘද්ධියේ නම ජන ඉසුර වන්නේ නෑ - එස් බී
දුමින්ද සිල්වා බලන්න දිසා විනිසුරුවරියක් සිරගෙට - ජපුරට මාරු කරන කතාව මොකක්ද?
සුගියදා රටේ ආන්දෝලනයක් ඇති කළ කෝටි 500 දියමන්තිය පාතාල නායක මදුෂ් සිය පිරිස් යොදවා පැහැරගැනීමත් එය පසුව හමුවීමත් එහි වටිනාකම ගැන ගැටලු මතුවීමත් ගැන මේ දිනවල මාධ්‍ය තුළ ආරංචි පළ විය. මහරගම පදිංචි ක්‍රිෂාන් ඩේවිඩ් නමැත්තෙකුට අයත් බව කියන මෙම දියමන්තිය
කැවුමා ළඟ තිබී හමුවීමෙන් පසු මහරගම පොලීසිය වෙත බාරදී ඇති අතර
එහි තක්සේරු වාර්තා ගැන තීරණ ගැනීමට අධිකරණය ඉදිරියේදී කටයුතු කරනු ඇත.
‍ ක්‍රිෂාන්ට මෙවැනි දියමන්තියක් ලැබුනේ කොහොමද යන්න ඔහු විසින් පසුගියදා හෙලි කර තිබුනේය.
 'මගේ ගම නුගේගොඩ මං අවුරුදු හතේ විතර ඉදන්  මැණික් ගැන ඉගෙන ගත්තා මොකද අපේ තාත්ත පොඩියට මැණික් බිස්නස් එකක් කළා . ඒ කාලේ තාත්ත හම්බු වෙන්න ආපු තාත්තගේ යාළුවෝ මටත් පොඩි පොඩි ගල් කෑලි දෙනවා බලන්න. ඉගෙන ගන්න කියලා . පස්සේ අවුරුදු 17 විතර මං මැණික් ගැන හැදැරීමක් කළා .
පස්සේ මං රත්නපුර පැත්තට ගිහින් රුපියල් ලක්ෂයට අඩු පොඩි ගල් අරන් ඇවිත් බිස්නස් කරන්න පටන්ගත්තා . ඒ  විදිහට මගේ හිත මැණික් බිස්නස් එකට ඇදිල ගියා . මං ආසා කලේ මැණික් ළඟ තබා ගන්න සහ මැණික් ගල් එකතු කරන්න . මගේ ප්‍රධාන රස්සාව වුනේ කේටරින් . මට ඒ පිළිබඳ උපාධියකුත් තියෙනවා . ඒ අතරේ මං කේටරින් රස්සාවකට සෞදි ගියේ 1991 අවුරුද්දේදියි .
මම සෞදි ගිය ගමන් රස්සාවක් හම්බු වුනේ නැහැ ටෙන්ඩර් ප්‍රශ්නයක් නිසා ඒ අතරේ සෞදියේ හිටපු තුන්වෙනි කෝටිපතියාගේ ගෙදරට ගියා. පාටියක වැඩට මං එදා දැක්ක මිදුලේ තිබුණු පස් ගොඩේ යමක් දිලිසෙනවා ඒත් මට විශේෂ අවධානයක් තිබුනෙ නැ.ඒ රටේ තිබුණු පන් ගහක් අරන් ඒතන හිටවලා පොඩි ලකුණක් දාල මං ආවා

පහුවදා ගෙදර අයිතිකාරයාගේ පුතා කිව්ව එයාගේ කාර් එක හෝදල දෙන්න කියල . ඒ රටට සාමාන්‍යයෙන් වතුර කියන්නේ රත්තරන් වගේ . ඔවුන් වතුර ගැන ගොඩක් අවධානයෙන් ඉන්නේ . කාර් එක හෝදන ගමන් මං පස් ගොඩට හෝස් එක ඇල්ලුවා. මං ගල් කෑල්ල ගත්තා ගෙවල් අයිතිකාරයගේ පුතා ඇවිත් “ මොකද උඹ කරන්නේ “ කියල මගෙන් ඇහුවා. මේ ගල් වගයක් තියෙනවා මං ඒව ඇහින්දා ඒක මං ගන්නද කියල ඇහුවා . අරන් බලන්න කියල ඒ පුතා මට කිව්වා.
ඒ ගල තිබුනු පස් ගෙනත් තිබුනේ දකුණු අප්‍රිකාවෙන් . සෞදි රටේ සීත කලෙට හොදට මල් හැදෙනවා . ඒ කාලෙට සල්ලිකාර මිනිස්සු අප්‍රිකානු රටවල් වලින් පස් අරන් ඇවිත් මල් හිටවනවා . අන්න ඒකට ගෙනාපු පස් ටිකක් ඇතුළේ තමයි ඔය ගල් කෑල්ල තිබුනේ. 1994 අප්‍රියෙල් වෙනකොට දී මම ලංකාවට ආවා. ඒ එනකොට මං ගල් ගොඩක් ගෙනාවා . ඒ කාලේ කිලෝ විස්සයි අතේ ගේන්න පුළුවන් . වැඩි බඩු නැවට දැම්මා . ගල තිබුනෙ නැවේ දාපු මල්ලෙ. බඩු ටික නැවට ආවේ මාර්තු මාසේ පළවෙනි දවසෙදි මට බඩු ටික ගන්න බැරි වුනා . දෙවෙනි දවසේ යද්දි  බඩු ගෙනපු පෙට්ට ඔක්කොම කඩලා. දවස්දෙක තුනක් යනකොට අපි හිටපු ගෙදර කාණුවක් ළඟට කවුද ඔය ගල තිබුණු මල්ල ගිහින් දාලා තිබුණ . තව පොඩ්ඩෙන් ඒ ගල නැති වෙන්නෙ එදා.

එදා ගෙනාපු ගල් ඔක්කොම මං මාළු ටැංකියට දැම්මා . 1994 සිට 2016 දක්වා වසර 22ක කාලයක් ඒ ගල තිබුනෙ මාළු ටැංකිය ඇතුලේ.
අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නවා පොෆෙසර් නීල් කියල එයා 2016 දවසක් අපේ ගෙදර ආවා . එයා මහා පරිමාණෙන් මැණික් බිස්නස් කරන කෙනෙක් . එයා කිව්ව අයින් කරන කට්ට කෑලි එහෙම තියෙනවානම්  එයාට දෙන්න කියල. මං එයාට පොඩි ඇඟිලි වගේ කෑලි විස්සක් ටැංකියෙන් අරන් දුන්නා . ඔය ඇතුළේ තියෙන දිලිසෙන කෑල්ලත් ගන්න කියල එයා කිව්ව . මං ඇහුවා ඇයි ඒ කියල . නෑ ඒක පොඩ්ඩක් ටෙස්ට් කරල බලමු කියල එයා කිව්ව . පස්සේ මට කිව්ව පිලී ඟඳ හා සෙවල ගතිය යන්න හොදට හෝදන් එන්න කියල . ඒත් එක්කම වතුර එකතුත් ගේන්න කියල කිව්වා .  පැය හතරක් විතර ඒක ඒ විදිහට පරීක්ෂා කළා .
 පස්සේ කොලේකුයි පෑනකුයි ගේනන කියලත් කිව්ව මං ඇහුවා ඇයි මේ කියල ..“
මේක බං දියමන්තියක් කියල එයා කිව්ව.
අනේ මිස්ට නීල් බොරු කියන්න එපා  කියල මං කිව්ව. මේකේ ක්‍රිස්ටල් ෆෝමේෂන් ඔක්කොම හරි කියල මේක 99%ක් ම දියමන්තියක් කියල මහාචාර්යවරයා කිව්වා.
ක්‍රිෂාන් මැණික් පිළිබඳව විශාල දැනුමක් ඇති වෙනත් මහාචාර්යවරයෙකු හමුවීමට යන්නේ ඉන්පසුවයි ඒ මහාචාර්යවරයා විසින් ක්‍රිෂාන්ගෙන් විමසා සිටියේ මොලේ හොද නැද්ද යන්නයි . ඒ අනුව ක්‍රිෂාන් විසින් දියමන්ති ටෙස්ට් කිරීමට අවශ්‍ය වන උපකරණයක් අන්තර්ජාලයෙන් ගෙන්වා ගත්තේය.
 පසුව ඔහු  සිය බිරිඳ සමඟින් කොච්චිකඩේ පල්ලියට යන්නේ මේ ගල දියමන්තියක් වෙනවා නම් කොච්චර හොදද යනුවෙන් සිතමිනි . ඒ අනුව ලැබෙන මුදලින් කෝටියක් පල්ලියට දෙන බවටද ඔහු දෙවියන් ඉදිරියේ දී පොරොන්දු විය.
 ඉන්පසුව ඔහු යන්නේ හෙට්ටිවීදියේ රත්තරන් බඩු කඩයකටය එතනින් පවසන ලද්දේ එය දියමන්තියක් බවයි
මේ අනුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යන ක්‍රිෂාන්ට එහිදී ඒ ගල් කැබැල්ල කැරට් හත්සිය පනහක් වටිනා දියමන්තියක් බව සනාථ කර තිබුණි.
ඒ අනුව ඔහු විසින් මේ දියමන්තිය විකිණීමට උත්සහ කරයි.
මේ ගැන දන්නා කියන අයගේ කටින් කට ගොස් ඔුහගේ නිවසට පැමිණ විවිධ අය එය මිලට ගැනීමට පරීක්ෂා කර ගිය අතර මාකඳුරේ මදුෂ්ට සම්බන්ධ අය එන්නේ ඒ අවස්ථාවේදීය.
දියමන්තිය මිලදී ගැනීම සඳහා මදුස් යෙදවූ විදේශිකයෙකු ක්‍රිෂාන්ගේ නිවසට පැමිණි අතරතුරදී මදුස්පොලිස් වෙසින් යෙදවූ පිරිසක්ද  පැමිණ විදේශිකයාට මාංචු දමා රඟපෑමක් කර ගිනි අවි පෙන්වා මෙම දියමන්තිය ගැහැරගැනීම සිදු විය.
ඔහු කාලයක් තිස්සේ රැස්කරගත් මැණික් ගල් ටිකද පැහැර ගත් ඔවුන්  පළාගිය අතර ක්‍රිෂාන් සිද්ධිය පොලිසියට දැනුම් දුන්නේය.
මෙය සංවිධානාත්මකව සිදුකළ මැණික් කොල්ලයක් බව ඔහු දැනගත්තේ පසුවයි.
පොලීසිය විසින් ඒ පිලබදව විමර්ශන ආරම්භ කර මාකඳුරේ මදුෂ්ට සම්බන්ධ ගෝලයින් අත්අඩංගුවට ගත් අතර මුලදී එය විදේශයකට පිටත්කර ඇති බවට ආරංචි වුණත් මදුෂ්ගේ ගෝලයෙකුවූ කැවුමා පානදුර කෙසෙල්වත්තේ පිහිටි නිවසක මේ දියමන්තිය සඟවා තිබියදී පොලිසිය එය සොයා ගැනීමට සමත් විය.
එය තමන් සතුව තිබී නැතිවූ ගලම බවට ක්‍රිෂාන් තහවුරු කළේය.

පොලිසිය සොයාගත් දියමන්තිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කළ පසු එය නිකංම්ම ගලක් බවත් වටිනාකමක් නැති බවත් ඒ සම්බන්ධ විශේෂඥයින් තිදෙනෙකු යොදා කළ පරීක්ෂාවකින් පවසා තිබුනේ මින් ඉහත ලබාදුන් තක්සේරුවට වෙනස් මතයක් දරමිනි.
එය වැඩිදුර විමර්ශනය පිනිස පේරාදෙනිය සරසවියට යොමු කළ යුතු බවත් වෙළෙඳපොල විටනාකම එහිදී විමසිය හැකි බවත් පසුව පොලිසිය දන්වා තිබුණ නමුත් ක්‍රිෂාන් එයට කැමතිවූයේ නැත.
ඔහුගේ දැඩි විරෝධය හේතුවෙන් එහි වෙළෙඳපොල විටනාකම තක්සේරු කිරීම නතර විය. ඔහු ඊට දැඩි විරෝධයක් එල්ල කලේ පළදු කිරීමෙන් දියමන්තියේ වටිනාකටම හානියක් සිදුවිය හැකි නිසාය.
ඒ අනුව දියමන්තිය මහරගම පොලීසිය වෙත බාරදී ඇති අතර එහි තක්සේරු වාර්තා ගැන තීරණ ගැනීමට අධිකරණය ඉදිරියේදී කටයුතු කරනු ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අප්‍රිකානු පස්ගොඩින් මතුවූ කෝටි 500 දියමන්තිය වසර 22ක් මාළු ටැංකියක තිබූ කතාව
අප්‍රිකානු පස්ගොඩින් මතුවූ කෝටි 500 දියමන්තිය වසර 22ක් මාළු ටැංකියක තිබූ කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_ywd97GAnDL7z_AnKoeFfSejh3ZCiDl1gxwqQJ7EAt_HIWPi-v5yQ16ByksF323-KaX7A9eCzw1Znr2CfVak-6UYZBEGtwD-ItADTIXvnsypHNFMGUkXMhWXHXUDTyJAxSO0qP_Eztv4/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_ywd97GAnDL7z_AnKoeFfSejh3ZCiDl1gxwqQJ7EAt_HIWPi-v5yQ16ByksF323-KaX7A9eCzw1Znr2CfVak-6UYZBEGtwD-ItADTIXvnsypHNFMGUkXMhWXHXUDTyJAxSO0qP_Eztv4/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/500-22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/500-22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy