පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නායකයා වීම කිසිවකුට නතර කල නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිම...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නායකයා වීම කිසිවකුට නතර කල නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා අවධාරණය කර සිටියි.
ඒ මහතා මේ බව කිවේ සැප්තැම්බර් 05 වෙනිදා කොළඹ දී පැවැත්වීමට යන ආණ්ඩුවට එරෙහි විරෝධතාව ගැන දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග නුගේගොඩ පැවති ක්‍රියාකාරී හමුවක දී අදහස් දක්වමිනි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු රාජපක්‍ෂවරුන් 04 දෙනකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදු කිරීමට කර ඇති උත්සාහය ලෝකයේ මානව අයිතිවසිකම් වලට ගරු කරන කිසිවෙකු අනුමත නොකරන බවත් එවැනි ක්‍රියා කාරකම් යහ පාලකයන්ට ද දවසක පාරා වළල්ලක් වනු ඇති බවත් හෙට්ටිගේ මහතා එහිදී සඳහන් කළේය.
රාජපක්‍ෂලාට හිමි දේශපාලන අයිතිය:
ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.
''මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජන වරමක් දෙන්න ජනතාව සූදානම්. ඒ අයිතිය අහිමි කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා . ඒවා කලබලයට ගෙන ආ නීති.
ඒ මගින් බැසිල්, ගෝඨාභය, නාමල් යන තිදෙනාටත් බාධක දැම්මා. එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක්.
මේ සංශෝධනයෙන් කරල තිබෙන්නේ රාජපක්‍ෂලාට හිමි දේශපාලන අයිතිය නතර කිරීම පමණක් නොව ජනතාවගේ පරමාධීපත්‍ය බලයට ද පා පහර ගැසීමයි .
නීති -රීති, වද බන්ධන වලින් ජනතාවගේ ආදරය දිනා ගත් අයගේ ඉදිරි ගමන නතර කරන්න බැහැ. රට දැන් අරාජික වෙලා තියෙන්නෙ. රටේ බාරකාරත්වය මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත් විය යුතු බව බහුතර ජනයා කියා සිටිනවා. ගමේ නගරයේ ගොවි බිමේ වැඩ බිමේ ඒ හඩ තදින් ඇහෙනවා .කොළඹ දී ඒ හඩ 05 වෙනිදා ගිගුම් දේවි .
ආණ්ඩුව ජනතාව දැඩි පීඩනයකට පත් කරලා. ප්‍රශ්නයක් නැති තැනක් නෑ. නැති ප්‍රශ්න ඇති කර සමාජයම අවුල් කරතිබෙන්නෙ. බොරුවෙන් කයිවාරුවෙන් රටක් පාලනය කරන්න බැරි බව දැන් ඔප්පු කරලා ඉවරයි. එක වෙලාවක අගමැති ජනාධිපති හැටියට පෙනෙන, තවත් වරක් ජනාධිපති අගමැති හැටියට පෙනෙන, තවත් වරකදී නායකයා කවුද කියා හොයා ගන්න බැරි ලෝකයේ අරුම පුදුම රාජ්‍ය පාලනයක් තියෙන රටකයි අපි දැන් ජීවත් වෙන්නෙ''
(මුලාශ්‍රය - ලංකා සී නිව්ස්)
COMMENTS