විල්පත්තු වන විනාශයට එරෙහිව හඩ නැගූ තමන්ටද විල්පත්තුව විනාශ කරන බවට ඇතැම් භික්‍ෂූන් වහන්සේලා චෝදනා එල්ල කිරීම පිළිබඳ කණගාටුවන බව වාරිමාර්ග...
විල්පත්තු වන විනාශයට එරෙහිව හඩ නැගූ තමන්ටද විල්පත්තුව විනාශ කරන බවට ඇතැම් භික්‍ෂූන් වහන්සේලා චෝදනා එල්ල කිරීම පිළිබඳ කණගාටුවන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට බලවත් වැරදීමක් සිදුව ඇති බවත් පූක්කුලම නැමැති ගම්මානයේ පවුල් වෙත නිවාස ඉදිකර දීමටත්, ඔවුන්ට විදුලිය ලබා දීමටත් පියවර ගැනීම විල්පත්තුව විනාශයට හේතුවක් වී ඇති බව උන්වහන්සේ පැවැසූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පූක්කුලම ගම්මානයේ පවුල් වෙත නිවාස 15 ඉදිකර දීමට පියවර ගෙන ඇති බවත් එම ගම්මානයට විදුලිය ලබා දීමටද මූලික වී ඇති බවත් පවසමින් උන්වහන්සේ තමන්ට චෝදනා කළ බවයි අමාත්‍යවරයා පැවසුවේය. ග‍්‍රාමසේවා නිලධාරියෙකුද සේවය කරන පූක්කුලම ගම්මානය විල්පත්තු රක්‍ෂිතයට අයත් කොටසක් නොවන බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (19) ආණමඩුව ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීයී.
ප‍්‍රදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ජය තහවුරැ කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධාන කර තිබිණ.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“පූක්කුලම ගම්මානයේ පවුල් 132 ක් පදිංචිව සිටිනවා. මෙම ගම්මානය ග‍්‍රාමසේවා වසමක්. ඔවුන් නීති නිරෝධිව කෑලෑ හෙළි කරමින් පදිංචි වූ ජන කොටසක් නොවෙයි. අතීතයේ සිටම මෙම වැසියන් පූක්කුලමේ ජීවත්වනවා. ඔවුන්ට මේ දක්වා කිසිදු පහසුකමක් ලැබී නැහැ. බොන්න වතුර නෑ. ඉන්න නිවාස නෑ. විදුලිය ප‍්‍රවාහන ආදී කිසිදු පහසුකමක් නෑ. මිනිස් වාසයකට අවශ්‍ය අවම පහසුකම් හෝ නෑ. ඉතින් ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීම වරදක්ද? වැරදීම වෙලා තියෙන්නේ මට නෙමෙයි. වැරදීම වෙලා තියෙන්නේ පූජ්‍ය ආනන්ද සාගර හිමියන්ටයි. උනවහන්සේ මේ ගම්මානය විල්පත්තුවේ කොටසක් ලෙස තේරුම් ගෙන ඇති බවයි මට පැහැදිලි වන්නේ. එය වැරදි තේරීමක්. සිලාවතුරට ආසන්න මුහුදු රෙළක දිවි ගෙවන මේ ජනතාව විල්පත්තුවට අයිති වන්නේ යැයි පවසන්නේ කෙසේද? පුත්තලමටත් මන්නාරමටත් මැදිව සිලාවතුරට ආසන්නව පිහිටා ඇති පූක්කුලම ගම්මානය නිර්මාණය වන්නේ ධිවර කර්මාන්තය හරහායි. ධීවර රැකියාවට පැමිණි ජනයා පසුව එහි වාසය කරන්නට පටන් ගැනීමෙන් අනතුරැව එම ජනාවාසය ඇති වූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. මම මේ සියළු වැසියන්ට නිවාස ඉදිකර දෙන්නත්, ජලය විදුලිය ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමටත් පියවර ගන්නවා. ඒ වෙනුවෙන් විශේෂ යෝජනාවක් අගමැතිතුමාටත් භාර දුන්නා. මෙතෙක් කිසිවෙකුගේ හෝ අවදානය යොමු නොවූ අති දුෂ්කර ගම්මානයක් වන පූක්කුලම ගම්මානය සංවර්ධනය කිරීම ජනතාවට වග කියන දේශපාලඥයෙකු ලෙස මා වෙත පැවැරී ඇති වගකීමක්. මා උත්සාහ කරමින් සිටින්නේ මිනිස් ජීවිතයකට අත්‍යවශ්‍ය පහසුකම් ලබා දෙමින් පූක්කුලමෙන් ගොඩ නැගෙන අනාගත පරපුර නගා සිටුවීමටයි.”
“මේ අතර තවත් කාරණයක් සිහිපත් කළ යුතුයි. එනම් විල්පත්තු වනාන්තරය විනාශ කරමින් සිදුවන මංකොල්ලයට මාද තදින්ම විරුද්ධ බවයි. එම විනාශයට සම්බන්ධ පුද්ගලයින්ට මා ප‍්‍රසිද්ධියේ විරෝධය පල කළේ අද ඊයේ නෙමෙයි. ඒ ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ. අදටද විල්පත්තුව රැුක ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. විල්පත්තුව හරහා මන්නාරම දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරීමේ යෝජනාවට විරුද්ධ වෙමින් එය ක‍්‍රියාත්මක නොකර සිටීම දක්වා වූ දැවැන්ත කාර්යයට වනජීවී අමාත්‍යවරයා වෙත ශක්තිය ලබා දුන්නේද මමයිි. විල්පත්තුව රැක ගැනීමේ භූමිකාවට පණ දීමට ඕනෑම මොහොකදී පෙරට පැමිණීමටද මා සූදානම්. එමෙන්ම පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට මා ඉතා ගෞරව කරන අතර උන් වහන්සේ මා වෙත මේ පිළිබඳ චෝදනාවක් එල්ල කිරීම පිළිබඳ කණගාටු වනවා. විල්පත්තුව රැක ගැනීමේ ඇත්ත වුවමනාවක් ඇත්නම් ඒ වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් කවුරුන්දැයි හරි හැටි අවබෝධ කරගනිමින් කි‍්‍රයා කරන්නේනම් එම උත්සාහය වඩාත් සාර්ථක වන බව මාගේ විශ්වාසයයි. ඒ වෙනුවෙන් වූ මාගේ කැපවීම පුත්තලමේ සිටින භීක්‍ෂූන් වහන්සේලා ඇතුළු පූජ්‍ය පක්‍ෂයෙන්ද ජනතාවගෙන්ද දැන ගන්න පුළුවන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS