දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙරළියක පෙර නිමිති: මහින්ද - රනිල් හදිසියේ හමුවෙයි
Homeප්‍රවෘත්ති

පෙරළියක පෙර නිමිති: මහින්ද - රනිල් හදිසියේ හමුවෙයි

PropellerAds

අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි හමුවක් සිදුව ඇතැයි වාර්තා ව...

"ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් - මේක පුදුම වහල්කමක්"
ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද
එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ කටයුතු වලට අත දානවා
අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි හමුවක් සිදුව ඇතැයි වාර්තා වනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දීයි. 

මෙම හමුව සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ප්‍රථම කතාව පැවැත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සංකීර්ණයේ දෙවැනි මහලේ ලොබියට පැමිණි අවස්ථාවේදීය.

යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට අමතරව රාජකීය විද්‍යාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමකාලීන මිත්‍රයකු වූ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ඉඟියක්

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ‍පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආශීර්වාද ලබාගැනීම සඳහා නාරාහේන්පිට අභයාරාමය වෙත පැමිණියා.

රාජපක්ෂ කඳවුරට දැඩි ලෙස හිතවාදී ස්ථානයක්වන අභයාරාමයට වික්‍රමසිංහ මහතා මෙලෙස පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු සිදුවීමක් වූවා.

එහිදී වික්‍රමසිංහ මහතා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ යනු මෙරට පාර්ලිමේන්තුව තුළ අනිවාර්යයෙන්ම සිටිය යුතු පුද්ගලයෙකු බවයි.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ තමන් වහන්සේ දැඩි ලෙස සතුටුවන බවත් එය සෑම සියළු දෙනාටම යහපත් ලෙස බලපාන සිදුවීමක් බවත් ආනන්ද හිමියන් පවසා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරයත් එකතු කළොත් මෙරටට විශාල සේවයක් සිදුවන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

එය මෙරට ජනතාව පවසන දෙයක් බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

-asianmirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙරළියක පෙර නිමිති: මහින්ද - රනිල් හදිසියේ හමුවෙයි
පෙරළියක පෙර නිමිති: මහින්ද - රනිල් හදිසියේ හමුවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEUgMmupAWxi7DRvlhE9R31lI7B-nLcwkmtBYZVIEkfhnOtWu4WqrzX9871f_hc7Qo0c_HGs3LhzrRnnaLwHVWLvhQ4vhilp8Cio8F_xV-z2YdmbI0ZR_6bwPep4oSRalO8bu7ufq5cxo/s320/c4c386fbab0198afb344441107ca4e30_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEUgMmupAWxi7DRvlhE9R31lI7B-nLcwkmtBYZVIEkfhnOtWu4WqrzX9871f_hc7Qo0c_HGs3LhzrRnnaLwHVWLvhQ4vhilp8Cio8F_xV-z2YdmbI0ZR_6bwPep4oSRalO8bu7ufq5cxo/s72-c/c4c386fbab0198afb344441107ca4e30_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_880.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_880.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy