කො රෝනා වෛරසය වැළදීමෙන් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සන්ධ්‍යාවේ මියගිය 07 වැනි පුද්ගලයා මින් ඉහත ආන්දෝලනාත්මකව තොරතුරු වාර්...
කොරෝනා වෛරසය වැළදීමෙන් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සන්ධ්‍යාවේ මියගිය 07 වැනි පුද්ගලයා මින් ඉහත ආන්දෝලනාත්මකව තොරතුරු වාර්තාවූ ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාය. 48 හැවිරිදි වියේ පසුවූ ඔහු ලංකාවේ කොරෝනා වැළඳුණ 11 වැනි පුද්ගලයා ලෙස හඳුනාගන්නා අවස්ථාවේ ඔහුගේ මිතුරෙකුට කොරෝනා වැළඳී තිබියදී බිරිය සමග කට්ටි පනිමින් සිටි අයෙකුවීම නිසා ඒ දිනවල විශාල කථාබහක් ඇති විය.
තම මිතුරාවූ විදේශ අමාත්‍යංශයේ නිලධාරිනියකගේ සැමියා සමග ජර්මනියේ සංචාරය කළ ඔහු එරට සිට මෙහි පැමිණි පසු එකී මිතුරාට කොරෝනා වැළඳුණ බව දැනගත් අවස්ථාවේ රෝහල මගින් මොහුව සොයන බව දැනගෙන කට්ටි පැන්නේය.
තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇතිදැයි පුද්ගලිකව ඔහු පරික්ෂා කරගෙන ඒ බවට තහවුරු කර
ගැනීමෙන් පසු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසට වී සිටියදී ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මහත් පරිශ්‍රමයක් දරද්දී සැඟවී සිටියේය. ඔහුගේ බිරිය දුරකථන වලට උත්තර දී ඔහු නැති බව කියා තිබූ අතර පසුව ඇමතුම් මගහැරීමටද උත්සාහ ගත්තේය.
අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂයෙන් පැහැදිලි කරමින් කියා තිබුණි.
මෙම පුද්ගලයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවා සිය කතාවකදී කියා සිටියේය.මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය කියා තිබුණි. මෙම පුද්ගලයා 4 වැනියා ලෙස රෝහල්ගතවන්නට හැකියාව තිබියදි 11 වැනියා ලෙස ඇතුළත්වීම හේතුවෙන් ඒ කාලය තුළ විශාල පිරිසකට නිරාවරණයවීම ගැටලුකාරී විය.
මීට දින කිහිපයකට පසු වාර්තා වූයේ රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට කොරෝනා වැළඳුනේ ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා සමඟ ගනුදෙනු කළ නිසා බවය.
ඊයේ (8) වාර්තාවූ කොරෝනා ආසාදිතයින් දෙන්නෙකුද මේ කියන රත්නපුර මැණික් ව්‍යාපාරිකයා නිසා කොරෝනා බෝවූ බවටද වාර්තා පළවිය.

COMMENTS