දික්ඔය මුලික රෝහලට ලංකා විදුලි බල මණ්ඩලය මගින් ලබා දෙන විදුලිය වරින් වර විසන්ධි වි යන නිසා දෛනික සිදු කරන ශල්‍යකර්ම කිහිපයක් අවලංගු කිරීමට...
දික්ඔය මුලික රෝහලට ලංකා විදුලි බල මණ්ඩලය මගින් ලබා දෙන විදුලිය වරින් වර විසන්ධි වි යන නිසා දෛනික සිදු කරන ශල්‍යකර්ම කිහිපයක් අවලංගු කිරීමට සිදු වු බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තිලිණ විජේසිංහ මහතා පැවසිය.
පවතින අයහපත් කාලගුණයත් සමගම වරින් වර විදුලිය විසන්ධි විම නිසා රෝහලේ වටිනා උපකරණ වලට අලාභ හානි සිදු විමේ අවධානමක් පවතින නිසාත් වරින් වර විදුලිය විසන්ධි වන නිසා ශල්‍යකර්ම සිදු කිරීමට අපහසු නිසා එම ශල්‍යකර්ම අවලංගු කල බව අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
රෝහලේ එක් විදුලි ජනක යන්ත්‍රයක් ඇති බවත් එය සීමිත පැය ගණනකට පමණක් ක්‍රියාත්මක කිරීමට හැකි බවත් අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
හදිසි ශල්‍යකර්ම පමණක් එම විදුලි ජනක යන්ත්‍රය ආධාරයෙන් සිදු කරන බවත්, රෝහල් සංකීර්ණයට ලබාදෙන විදුලි බලය විසන්ධි නොවන ආකාරයට විදුලි රැහන් ඇද හෝ ඇද ඇති විදුලි රැහැන් අවට ඇති බාධක ඉවත් කර විසන්ධි වීමකින් තොරව විදුලි බලය ලබා දෙන ලෙස එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යය තිලිණ විජේසිංහ මහතා ඉල්ලා සිටියි.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS