ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී නවතා තිබු ලොරි රථයක් හදිසියේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ. අද (29) උදෑසන 11.30 පමණ මෙම ලොරි රථය ගිනි ගෙන ඇත. මෙ...
ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී නවතා තිබු ලොරි රථයක් හදිසියේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ.
අද (29) උදෑසන 11.30 පමණ මෙම ලොරි රථය ගිනි ගෙන ඇත.
මෙලෙස ගිනිගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයකට අයත් නුඩ්ල්ස් අලෙවි කරන ලොරි රථයකි.
ගින්න ඇතිවන අවස්ථාවේ ගාලුමුවදොර පිටිය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද දක්නට ලැබු බවද වාර්තා වෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර ගිනි නිවන ඒකකය නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී අදාළ ලොරි රථය සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS