එසේම එය සිදුකරගෙන ගිය පුද්ගලයෙකුද ,මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් පස් දෙනෙකුද සැකපිට අත්අඩංගුවට පත්විය. මෙරට අලෙවි කිර...
එසේම එය සිදුකරගෙන ගිය පුද්ගලයෙකුද ,මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් පස් දෙනෙකුද සැකපිට අත්අඩංගුවට පත්විය.
මෙරට අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති මාවා නැමැති මත්කුඩු තොගයක් සහ පකිස්ථානයෙන් නීති විරෝධී ලෙස ආනයනය කර ඇති එන්සී නැමැති මත්කුඩු ටින් තොගයක්ද මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්හ.
මෙම මාවා නැමැති මත්ද්‍රව්‍ය සකස් කිරීම සඳහා උපයෝගී කරගත් රසකාරක තොගයක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
මෙම වෙළඳ සැලේ සිට වතුකරයේ අනෙකුත් නගර වෙත බෙදා හැර ඇති බවදැනට කරන ලද මුලික පරීක්‍ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම වැටලීම සම්බන්ධයෙන් හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරී බුද්ධික උඩුගමසුරිය මහතාගේ උපදෙස් පරිදි හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂක ඒ.එල්.එම් ජමිල් මහතා ඇතුලු පොලිස් නිළධාරීන් කණ්ඩායමක් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
හැටන් රංජිත් රාජපක්‍ෂ
COMMENTS