ආණ්ඩු නිර්මාණය කරමින් පසුගිය වසර තුන හතරක කාලය තුළ සිදුවූ ක්‍රියාදාමයන් සඳහා නැවත සම්මාදන් වීමට තමන් සූදානම් නොවන බව සභානායක රාජ්‍ය ව්‍යවස...
ආණ්ඩු නිර්මාණය කරමින් පසුගිය වසර තුන හතරක කාලය තුළ සිදුවූ ක්‍රියාදාමයන් සඳහා නැවත සම්මාදන් වීමට තමන් සූදානම් නොවන බව සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
ආණ්ඩුවක් නිර්මාණය කිරීමට වැඩි දායකත්වයක් ලබාදී එම ආණ්ඩුව තුළ අහිකුන්ටකයන් මෙන් ජීවත් වීමට එක්සත් ජාතික පාක්ෂිකයන්ට හැකියාවක් නොමැති බවයි ඔහු කියා සිටියේය.
මෙම වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භයේ දී ජනාධිපතිවරණය පවත්වන බවත් ඒ සඳහා සුදුසු ශක්තිමත් සහ පක්ෂය අනිවාර්යයෙන්ම දිනවිය හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි කිරිඇල්ල මහතා පැවසුවේය.
"එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන බොහෝ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නේ නැහැ. මහනුවර කොළඹ අධිවේගී මාර්ගය සඳහා වන කැබිනට් පත්‍රිකාවට පවා දැඩි බාධා එල්ල කළා. නමුත් එය සම්මත කර ගෙන මාර්ගය ඉදිකිරීමට අපට හැකියාව ලැබුණා."
කෙසේවෙතත් පැවැත්වෙන පළමු මැතිවරණය ජයග්‍රහණය කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුඅතර පරාද වුණොත් ඉන් පසු සියලු මැතිවරණ අමතක කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
COMMENTS