අභාවප්රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය අද (22) උදෑසන තංගල්ල පෞද්ගලික මල්ශාලාවක සිට තංගල්ල මැදමුලන නිවස වෙත රථ පෙරහැරකින් ගෙනැවි...
අභාවප්රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය අද (22) උදෑසන තංගල්ල පෞද්ගලික මල්ශාලාවක සිට තංගල්ල මැදමුලන නිවස වෙත රථ පෙරහැරකින් ගෙනැවිත් තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා ඊයේ (21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාට ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් මැදමුලන නිවස වෙත පැමිණි ඇතැයි වාර්තා වේ.
චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු ලබන 25 දින පස්වරු 2.00ට පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ටියුඩර් චන්ද්‍රා රාජපක්ෂ මහතා ඞී. ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මැතිනියගේ සිව්වැනි දරුවා විය.
එක්දරු පියෙකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතා කාලයක සිට රෝගාතුරව සිට ඇති අතර පෙරේදා (20) සවස තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ දහවල් 12.45 ට පමණ හෙතෙම රෝහලේ දී අභාවප‍්‍රාප්ත විය.
COMMENTS