ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ප්‍රායෝගික නොකෙරෙන තැනට සියලුම පක්ෂ නායකයින් වැඩකරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ආර්ථි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ප්‍රායෝගික නොකෙරෙන තැනට සියලුම පක්ෂ නායකයින් වැඩකරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ආර්ථික ස්ථාවරයක් ඇතිකිරීමට පෙර රටේ පැහැදිලි දේශපාලන ස්ථාවරයක් ඇතිකරගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් කරගැනීම සඳහා ගෙනෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පෝලිම් නැති නොවන බවට පොදුජන පෙරමුණ කියන කතාව එක්සත් ජාතික පක්ෂය ද එළියේ ජනතාවට කියමින් සිටින ආකාරය ඊයේ (30) එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේ දීම අනාවරණය වූ ආකාරය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයට ලක් වී තිබේ.
ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ විද්වත් මණ්ඩලයේ ප්‍රධානියා වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මේ ගෙනැවිත් ඇත්තේ ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන ගමන් කළ හැකි උපරිම සංශෝධන ප්‍රමාණය බව පැහැදිලිවම දන්වා තිබිය දී සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය තමන්ගේ යෝජනා නොමැති නම් 21ට එකඟ නොවන බවට ඉඟි පල කර ඇත.
මේ අතර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පොහොට්ටුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරු තිදෙනෙක් ඇතුළු කණ්ඩායමක් බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් 21 පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් කිරීම සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයේ සම්මත වුවද පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් වීමෙන් පසු ඒ සඳහා රහස් ඡන්දයක් ඉල්ලා සිට එය උපරිම බලය යොදා පරාජය කර විසි කර දැමීමට ඔවුන් තීරණය කර ඇත.
මේ තත්ත්වය තුළ 21 පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීම සහතික කර ඇතැයි ද දැනගන්නට ඇත. මේ වනවිට මේ පාර්ලිමේන්තුවෙන් රටේ පවතින කිසිම ප්‍රශ්නයකට විසඳුම් නොදෙන බව තහවුරු වෙමින් ඇතැයි ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගොස් රජයක් පිහිටුවා ගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ප්‍රබල මතයක් රට තුළ ගොඩනැගෙමින් ඇත.

COMMENTS